අප්‍රේල් 21 වන දා සිද්ධීන් පිළිබඳව සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විනිවිද භාවයෙන් කටයුතු කරගෙන යන අතර ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වන සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම තේරීම් කාරක සභාවට ඕනෑම කෙනෙකුට පැමිණ කරුණු ඉදිරිපත් කළ හැකි බවත් මෙහි සාක්කි විභාග මාධ්‍ය වලටද විවෘත කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇති බවත් අරලියගහ මන්දිරයේ අද(27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා අප්‍රේල් 21 දා ප්රහාරයන්ට සම්බන්ධ පුද්ගලයන් සියලු දෙනාම වාගේ දැන් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසීය.
අප්‍රේල් 21දා බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූ 485 දෙනෙකුගෙන් මරණයට පත් වූයේ 6 දෙනෙකු පමණි. ඒ අපේ රටේ ගිලන්රථ සේවය සහ රෝහල් වල කාර්යක්ෂමතාවය නිසයි. එම සිද්ධිය වූ අවස්ථාවේ සෞඛ්‍ය අංශය හා රෝහල් ක්‍රියාත්මක වූ ආකාරය බී.බී.සී ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රශංසාවට ලක් වූ බවද දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
The post පාස්කු ප්‍රහාර සිද්ධියේ තේරිම් කාරක සභාව විනිවිදභාවයෙන් කටයුතු කෙරෙනවා appeared first on Lanka News Column.
0 Comments