Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තවාදීන්ට ඕන විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න බෑ – දුමින්ද

අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ,මිහින්තලය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මහකිරින්දේගම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා,

‘‘ අපි දේශපාලනයෙන් ගහබැණ ගත්ත, මරා ගත්ත යුගය අපි අවසන් කරන්න ඕන. ඒකට තවත් හේතුවක් තියෙනවා, හැමදාමත් ගමේ උන් විතරනේ ගහගත්තේ, ලොක්කෝ ටික බේරිලා ඉන්නේ, පාස්පෝට් දෙක තිබුණ අය බේරිලා ඉන්නවා හිරේ යන්නේ නැතිව,හැබැයි අහිංසකයා පාස්පෝට් දෙකක් එක්ක අල්ල ගත්තොත් හිරේ යනවා. තව තව දේවල් කරපු අය උදේ පොලීසියට ගිහින් කටඋත්තරය දීලා හවස ගෙදර එනවා.ලොක්කෝ ටික සේරම හොඳට ඉන්නවා, ගමේ ඉන්න අහිංසකයෝ ටික තමයි ඥාතිකම -හිතවත්කම නැති කර ගෙන ගහමරාගෙන මේ සේරම විනාශයන් කරගන්නේ. අද ගමෙනුත් දේශපාලන නායකයන්ට පණිවිඩයක් දෙන්න ඕන ඔබතුමන්ලා මෙහෙම ඉන්නවා නම් අපි සූදානම් ගමේ සමඟ වෙලා ගම ශක්තිමත් කර ගන්න වැඩ කරන්න අපි සූදානම් කියලා. 1948 ඉඳන් ගත්තාම අපි මේ වැරද්දමනේ කරගෙන තියෙන්නේ, ඒ නිසානේ අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ.ඒ නිසා දැන් හරි අපි වෙනස් විය යුතුයි” යැයිද වැඩිදුරටත් පැවසීය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();