Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති රාජිත යළිත් වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයට

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පෙරේදා (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයකු ලෙස යළිත් වරක් තේරී පත්විය.

එම පත්වීම 2019-2020 වර්ෂ සඳහා බලපැවැත්වේ.

මෙයට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධුරයට පත්විය. සෞඛ්‍ය අමාත්‍යවරයා එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයකු ද වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සැසිවාරය පසුගිය 19 වැනි දා ආරම්භ වූ අතර, එම සැසිවාරය පසුගිය 28 දා අවසන් විය. පෙරේදා (29) සහ ඊයේ (30) විධායක කමිටු සැසිවාරය පැවැත්වූ අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීම සිදු විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();