පාසල් දරුවන්ගේ පොත් විනිවිද පෙනෙන බෑග්වල ගේන්න කියල බලකරන්න කාටවත් බැරි බවත් ආරක්ෂාව පිළිබඳව විදුහල්පතිවරුන් හට යැව් චක්‍ර ලේඛණ වල එහෙම දෙයක් නැති බවත් එහෙම බල කොළොත් සබරගමුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත දැනුම් දෙන ලෙස මහා මාර්ග ,මාර්ග සංවර්ධන සහ ඛණිජ සම්පත් සංවර්ධණ ඇමැති කබීර් හෂිම් මහතා කෑගල්ලේ දී පැවසිය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ කෑගල්ල දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්විමකට සහභාගිවී පිටවයද්දි මාධ්‍යවේදින් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසිය.
මාවනැල්ල ප්‍රදේශයේ පාසලක මෙවැනි දෙයක් සිදු වී ඇති බව ආරංචි වුණා .අපි ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත් වෙනවා. පාසල් දරුවන්ට අගතියක් අපහසුතාවයක් ඇතිවන අයුරින් අපි කටයුතු නොකළ යුතුයි.අපි අවබෝධයෙන් නිවැරදි ගමන් මගක කටයුතු කළ නිසා කෑගල්ලේ ජනතාව අතර සාමය සහයෝගිතාවය ආරකෂා කර ගැනීමට අපට හැකි වුණා.
සියළුම ආගම්වලට අයත් දරුවන් එකම පාසලක ඉගෙන ගැනීම සංහිදියාවට හොඳම මාවතක් .එවැනි යෝජනාවක් එනවා නම් මගේ සහයෝගයත් ඊට ලැබේනවා.
සබරගමුව සමුහ
0 Comments