Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තවාදීන්ට එරෙහිව නීතී සැකසීමට මුළු පාර්ලිමෙන්තුවම එක් විය යුතුයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ මහරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජනතාව අපට ජනවරමක් දී තිබෙන්නේ ආණ්ඩු කරන්න. අපි ආණ්ඩු කරනවා. ඒ වගේම නිෂ්චිත අවස්ථාවේදී නිෂ්චිත ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරලා කටයුතු කරනවා. අපි හැබැයි ඔය එක් එක් පාර්ශවයන්ගේ දුෂ්ඨ අරමුණුවලට අනුව කටයුතු කරන්නේ නැහැ. අපි ජනතාවගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිම, පදනම හදලා තිබෙනවා.

දැන් අපේ ප‍්‍රමුඛතාවය පක්ෂ භේදයෙන් තොරව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ මේ මූලධර්මවාදී ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ට එරෙහිව අවශ්‍ය කරන නීත රීති සම්පාදනය කිරීම සඳහා හැම කෙනා සමගම සමගියෙන් එක් වී මේ මොහොතේ කටයුතු කළ යුතු යැයි පැවසීය.

The post අන්තවාදීන්ට එරෙහිව නීතී සැකසීමට මුළු පාර්ලිමෙන්තුවම එක් විය යුතුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();