Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් ගෙන ඒමේ සූදානමක්

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වලක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති අතර එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බව දැක්වෙන අතර මෙම සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල හිමිවේ.ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන අතර එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් ලැබේ.දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි අතර දේශපාලන කටයුතු සදහා ඉදිරියේදී මෙම දත්ත යොදාගතහැකි බවට සැක සංකා විද්වතුන් සමාජය අතර පැනනැගී ඇත.පසුගිය සති කිහිපයේ කිහිපවතාවක්ම සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට රජය කටයුතු කිරීමත් සමගම මෙවැනි පනතක් සම්මත කරගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කිරීම සමාජය තුල දැඩි අර්බුධයක් නිර්මාණය කිරීමට අත්වනන්නාක් මෙන් දිස්වේ.සමාජ මාධ්‍ය කිහිප වතාවක්ම අවහිර කිරීම මගින් රජය අපේක්ෂා කරන ලද දේ සිදුනොවූ අතර එම ක්‍රමවේදය අසාර්ථක බැවින් මෙලෙස සමාජ මාධ්‍ය වල පාලනය තමන් නතුකොට ගැනීමේ තැතක් දැයි සාමාන්‍ය ජනයා සැක පළකරයි.තවද යම් කණ්ඩායමකට හෝ ආයතනයකට හිතුමතේ පරීක්ෂණ පැවැත්වීමටත් ජනතාවගේ අන්තර්ජාල ගිණුම් වලට හා දත්ත වලට පිවිසීමට බලය ලබාදීම ඉතා අනතුරුදායක වන අතර මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සදහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබදවද ගැටලුවක් මතුවේ.ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ සිමා මායිම් නොදක්වමින් මෙවැනි පනත් කෙටුම්පත් නිර්මාණය සිදුකිරීම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී දැයි යන ගැටලුව මුලිකවම පැනනගින අතර මෙය සයිබර් ආරක්ෂණය සදහා වූ පනතකට වඩා යටි අදහස් ගණනාවක් ඉදිරිපත්වන ගුණ්ඩුවක් යනුවෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ප්‍රකාශ කරයි.

විහිළුවකට කරුණක් නම් මෙම පනත ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශය රටට ඉදිරිපත් කරන්නේ සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩවියක් වන ඹ්ලොග්ගෙර් වෙබ් අඩවියක් (ස්‍රිලන්කcඑර්ට්.බ්ලොග්ස්පොට්.cඔම්) හරහා වන අතර මෙම පනත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පවතින අතර මෙහි සිංහල හා දමිළ භාෂා පරිවර්තන මේ වනතෙක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.තවද මෙම පනතෙහි දත්ත රහස්‍යතාවය වැනි දෑ පිලිබදව කිසිදු නීතිමය ප්‍රතිපත්තියක් සටහන් කොට නැති අතර මෙය මගින් පරිශීලකයන්ට වන බලපෑම වැනි දෑ පිලිබදව කිසිදු සදහන් කිරීමක් සදහන් කර නොමැත.මෙම පනත සම්බන්ධයෙන් පොදු ජනයාගේ අදහස් ලබාගැනීමට ලබාදී ඇත්තේ කුඩා කාලයක් බවත් 2019 ජූනි 5 වැනිදා දක්වා වැනි කුඩා කාලයක් තුල මේ පිලිබදව පොදු ජන අදහස් එක්රැස් කිරීමට යාම නිෂ්පල ක්‍රියාවක් බවත් මෙම පනතෙහි සිංහල හා දමිළ භාෂාමය පිටපත් නොමැතිව මෙමගින් නිර්වචනය වන්නාවූ දෑ මොනවා දැයි විග්‍රහ කිරීමට අපහසු වන අතර මේ නිසා ඉදිරියේදී සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුවන නඩු කටයුතු සිදුකිරීමේදී ගැටළු පැනනැගිය හැකි අතර දැනටම මේ නිසා මෙම පනත පිලිබදව ජනතා අදහස් ලබාදීමට අපහසු වීම වැනි ගැටළු ඇතිවී තිබේ.පනතෙහි අවසාන වගන්තිය වන 34 වගන්තිය මගින් සිංහල භාෂාමය පනත් පිටපත බලාත්මක වනබව සදහන් වුවත් සිංහල භාෂාමය පනත ප්‍රථමයෙන් ජනතාවට ඉදිරිපත් නොකිරීම පිලිබදව විද්වත් ප්‍රජාව තුල දැඩි කුකුසක් පැනනැගී ඇත.

සයිබර් ආරක්ෂණය පනත පිලිබදව පුවතකට වඩා මේ පනත පිළිබද අන්තර්ගත විශ්ලේෂණයක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් සිදුකොට මෙහි අඩංගු කර ඇති අතර මෙම පනත සම්පාදනයට දායක වූ පිරිස් හා පනත සම්පාදනයට මූලික වූ හේතුන් පිලිබදව කිසිදු සටහනක් හෝ මේ පිලිබදව වගකිවයුතු පාර්ශවයක් හදුනාගැනීමට නොහැකි බැවින් මෙය විනිවිධ භාවයෙන් තොර පනතක් යැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අපහට පිළිගැනීමට සිදුවන අතර මෙම පනත සදහා ජනතා අදහස් ලබාගැනීම සදහා අවම මසක පමණ කාලයක් ලබාදිය යුතු අතර මේ පනත පිලිබදව ශ්‍රී ලංකාවේ බොහෝ තොරතුරු තාක්ෂණ සමූහයන්ගේ අවධානය යොමුවී ඇති බව දැනගන්නට ලැබේ.ඔවුන්ද අප සමූහය මෙන් මෙම පනත සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් දියත්කොට ඇති බව සදහන් කලයුතුය.

The post සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් ගෙන ඒමේ සූදානමක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();