Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය අගමැති මෝදිගේ දිවුරුම් දීම අද – ආරාධනා ලැබූ ජනපති මෛත්‍රී ඉන්දියාවට යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30දා) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග තවත් 12 දෙනෙකුන් යුත් දූත පිරිසක් ඒ සඳහා එක්ව සිටිනවා.

පසුගියදා පැවති ඉන්දීය මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ නව අමාත්‍ය මණ්ඩලය අද (30) පස්වරුවේ දිවුරුම් දීමට නියමිතව සිටිනවා. ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන නවදිල්ලියේ රාෂ්ඨපති භවන් හි දී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන අතර ජනපති නිල නිවසට ඉහළ ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙසද නම් කර තිබෙනවා.

ඉන්දීය මහ මැතිවරණය අදියර 7 ක් යටතේ අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවැත්වුනු අතර එහි ප්‍රතිඵලය පසුගිය 23 වනදා නිකුත් කෙරුණා. ඒ අනුව මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතිය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 300 කට වැඩි ප්‍රමාණයක් හිමිවුණා.

එසේම මෙම දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, නේපාලය සහ භූතානය නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් රැසක් ආරාධනා ලැබ සිටියද පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට මෙම උත්සවය සඳහා ඇරයුම් කර නැහැ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();