Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවේ පාසල් සිසුන්ගේ ස්ථුලතාවය වැඩිවෙයි

ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් අතරින් 5 ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකුද, 10 වැනි ශ්‍රේණියේ සිසුන් 100කගෙන් පස් දෙනෙකුද ස්ථූලතාවය හෝ ස්ථූලතාවයට අවදානම් තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ හේතුවෙන් කෙටි කාලීන හා දිර්ඝ කාලීන සෞඛ්‍ය අවදානමකට පාසල් සිසුන් ලක්ව ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

ස්ථුලතාවය හේතුවෙන් හෘදයාබාධ, අක්මාවේ රෝග, පරිවෘත්තීය පද්ධතයේ ගැටලු හා අස්ථි පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකි බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

ළමයින් අතර ඇති ස්ථුලතාවය අවම කිරිම සඳහා ජාතික වැඩ පිළිවෙළක් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට 2019 ජුනි ජාතික පෝෂණ මාසයේදී අවධානය යොමුකිරීමට නියමිතය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();