Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘‘පළවෙනි බබත් නැති වුනා – තාම බබාලා නෑ‘‘ – වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 50 ඉක්මවයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අත අඩංගුවට පත් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆිට විරුද්ධව මේ වන විට 50කට අධික පැමිණිලි ලැබෙමින් පවති. ඉන් පැමිණිලි බොහොමයක්ම ඔහුගේ සිසෙරියන් සැත්කමට කරගත් පසු තමන්ට දරු ඵල නොමැති බවයි.

එසේ පැමිණිලි කිරීමට පැමිණි අයෙක් කල ප්‍රකාශයක් මෙසේය,

“2010 අගෝස්තු 29 තමා සිසේරියන් සැත්කම කරේ. එදායින් පස්සෙ මට බබාලා නැහැ. ඇස්දෙක පේන්නෙත් නැහැ දැනට. කිසිම හේතුවක් කියන්නෙ නැහැ දැනට. ඇයි ඇස්දෙක පේන්නෙ නැතුව ගියේ කියලවත් කියන්නෙ නැහැ.බැඳලා අවුරුද්දකින් දරුවා හම්බ වුනේ.ඩොක්ටර් ෂාෆි තමයි සිසේරියන් සැත්කම කෙරුවෙ. බබාලා නැතිවෙන්න ඇත්තටම හේතුවක් නැහැ. දැන් අවුරුදු 09 ක්, මේ වෙන තෙක් බබලා නෑ මට.

අද මම ආවෙ නිවුස් වලින් දුන්න ඩොක්ටර් ෂාෆි ගැන ඒ සිද්ධියට. ඒ ඩොක්ටර් තමා මගේ සිසේරියන් සැත්කම කරලා තිබ්බෙ. 2012.09.07 වෙනිදා තමා කරේ.පලවෙනි බබත් නැතිවුනා. මේ වෙනකන් තාම බබාලා ලැබිලා නැහැ. සැකයක් නිසා තමා පරීක්ෂණ කර ගන්න අපි මෙහෙට ආවෙ. දැනෙන්නෙ ඉතිං ලොකු දුකක්. එක දරුවෙක් වත් නැහැ.

ඔපරේෂන් එක කෙරුවෙ 2011.11.03 වෙනිදා, පළවෙනි ළමයා. ඒ ෂාෆි මහත්තයා…. ඒ ඩොක්ටර් තමයි කළේ. මම මුකුත් පාවිච්චි කළේ නැහැ බබා ගත්තට පස්සෙ සීසර් සැත්කමෙන්.දැන් අවුරුදු 08 ක් වෙනවා තවම බබාලා නැහැ.”

මෙම පැමිණිලි සබැඳිව ඔහුගේ සිසේරියන් සැත්කමට භාජනය වූ වන් යම් වන්ද්‍යකරණයකට ලක් වී ඇතිද යන්න මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවති. කෙසේ නමුදු අද(28) දිනය තුළදීද වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ඒ බව රෝහල් බලධාරීන් වෙත යොමු කිරිමට අවස්ථාව ලබා දී ඇති ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනයි.

The post ‘‘පළවෙනි බබත් නැති වුනා – තාම බබාලා නෑ‘‘ – වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 50 ඉක්මවයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();