Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කළ කාරක සභාව ලබන 4 යළි රැස්වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන මස 04 වනදා යළි රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව එදිනට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවා ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු අද දෙරණට සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (29) රැස්වි සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කලේය.

ඊයේ දිනයේදී වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබා දුන්නේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();