Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංචාරක තහනම රටවල් 4ක් ඉවත් කරයි

Author(s): 
කමනි අල්විස්

රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තබමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විදේශිකයන්ට පනවා තිබුණු තහනම ඉවත් කිරීමට ජර්මනිය, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය රටවල් පියවරගෙන තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

පාස්කු දිනයේ සිදුවුණ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මෙරට සිටි විදේශික සංචාරකයින් රට හැර ගියබව පැවසූ මන්ත්‍රීවරයා විදෙස් රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනමක් පනවා තිබුණ බව සිහිපත් කළේය. සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ආර්ථික ප්‍රතිලාභ අත්කරගත් බවත් නැවත වරක් සංචාරකයින් ශ්‍රීලංකාවට පැමිණීමට පියවර ගැනීම ආර්ථිකයට රුකුලක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව කෙරෙහි විශ්වාසය පළ කරමින් ඉදිරියේ තවත් රටවල් පැනවූ තහනම ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මේබව පැවසුවේ ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();