Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යෝෂිතට-මිත්තනියට නඩු පැවරීමට නීතිපතිගේ උපදෙස් පතයි

අමෝදා ජයමහ

මුදල් විශුද්ධිකරණය චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් මහතා හට ඊයේ (29) කරුණු දක්වමින් පැවසී ය.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මිය අයථා මාර්ගයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් එසේ ඉපයූ මුදල් ව්‍යාපාර කටයුතු සහ දේපළ මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවටත් ලද පැමිණිල්ලක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහි පරීක්ෂණ පැවැත්වී ය.

යෝෂිත රාජපක්ෂ මහතා විසින් රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 45 ක වටිනාකමින් යුත් නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකර නඩු පැවරීම සදහා මේ වනවිට නීතීපති වෙත උදෘත යවා ඇත.

සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් යන අය ඊයේ (29) අධිකරණය ඉදිරියේ පෙනී සිටිය හ.

නඩුව නොවැම්බර් මස (27) යළි කැදවීමට නියමිත ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();