Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීති විරෝධී ඕස්ට්‍රේලියා සංක්‍රමණිකයින් 20ක් පිටුවහල්

නීති විරෝධී අන්දමින් ඕස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20දෙනෙකු ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් යළි ශ්‍රී ලංකාවට පිටත් කර යවා ඇතැයි ද ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත. 
 
මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් නීති විරෝධී යාත්‍රාව, ඕස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබියදී අතර මගිදී එය හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂක අංශ සමත් වී තිබේ. 
 
අනතුරුව පසුගිය සතියේ දී යළි ශ්‍රී ලංකාවට එම පිරිම පිටත් කළ බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු  හා නියෝජ්‍ය අගමැති මයිකල් මැක්කෝර්ක් විසින් තහවුරු කර ඇත. 
 
ඕස්ට්‍රේලියානු වාර්තා වලට අනුව, එම යාත්‍රාවේ සිටි පිරිස අතරේ කුඩු දරුවෙකු ද සිටි බව සදහන් වේ. 
 
මෙම නීති විරෝධී යාත්‍රාව මැයි මාසයේ පළමු සතියේ දී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවට විශ්වාස කෙරේ. 
 
සරණාගත රැකවරණ පතා පැමිණි බව පැවසෙන මෙම පිරිස දින කිහිපයක් ක්‍රිස්මස් දූපතේ රඳවා තබා අනතුරුව විශේෂ ගුවන් යානයකින් ඔවුන්ව යළි ශ්‍රී ලංකාවට පිටත් කර තිබේ. 
 
2013 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මෙලෙස අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කළ ලාංකිකයින් 186දෙනෙක් යළි ශ්‍රී ලංකාවට එවා ඇතැයි ද සදහන් වේ. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();