Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි 134 ක්; ඊයේ පමණක් පැමිණිලි 67 ක් දඹුල්ලෙනුත් 10 ක්

අත්අඩංගුවේ පසුවන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියන සිංහල මවුවරු 134 ක් ඊයේ (28 වැනිදා* වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කළහ.

ඊයේ දිනයේ පමණක් මෙසේ දරුඵල අහිමිවූ මව්වරුන් 67 දෙනෙක් කුරුණෑගල මහ රෝහල වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබූ බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමිවූ දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි සිංහල මවුවරුන් 10 දෙනකු දඹුල්ල රෝහලට සහ පොලිසියට ඊයේ පැමිණිලි කර තිබිණි. පෙරේදා එක් මවක් දඹුල්ල පොලිසියට පැමිණිලිකර තිබුණි.

වෛද්‍ය ෂාෆි සෙහාබ්ඞීන් මහතා 2013 – 2015 වසර වල දඹුල්ල රෝහලේ සේවය කරද්දී ඒ මහතා විසින් තමන්ට මෙම සිසේරියන් සැත්කම් කළ බව එම මව්වරුන් කළ පැමිණිලි වල සඳහන් වෙයි.

දඹුල්ල රෝහලට ලැබුණු පැමිණිලි සියල්ලද කුරුණෑගල රෝහල වෙත ලබා ගැනීමට කටයුතු කරන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර වෛද්‍ය ෂාෆි සෙහාබ්ඞීන් මහතා සිදු කළ බව කියන සැත්කම්වලින් පසු දරු ඵල අහිමි වූ තවත් සිංහල මව්වරු විශාල පිරිසක් අද දිනයේද පැමිණිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම පැමිණිලි භාර ගැනීම සඳහා රෝහලේ වෙනම අංශයක් වෙන් කර ඇති අතර ඊට නිලධාරිනියන් කණ්ඩායමක්ද යොදවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පැවසීය.

Divaina


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();