Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාදෙණියට එරෙහි පැමිණිල්ල ජුනි 04 කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල ලබන 04 වනදා කෑදවන ලෙස  නියම කළේය.

ඒ අභියාචනාධිකරණය විසින්.

එහිදී අදාළ පැමිණිල්ල විභාගයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා එය ලබන 04 වනදා කෑදවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අය ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මගින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අය ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();