ඉතාමත් ශක්තිමත් කෘෂි ආර්ථිකයකට හිමිකම් කියූ ශ්‍රී ලංකාව, කෙමෙන් ඒ තත්ත්වයෙන් ගිලිහී යනු පෙනේ. එම තත්ත්වය දිනෙන් දින වැඩිවන බැවින්, නැවත රටක් සශ්‍රීක ආර්ථිකයක් කරා යෑමට හැකි මාවත් සොයා බැලීම වටී.
බොහෝ රටවල් අතීතයේදී අපගේ කෘෂි ආර්ථිකය දිහා දෑස් දල්වමින් යමක් ඉගෙන ගනු ලැබීය.
එවැනි ආර්ථිකයකට අයිතිය කිවූ අප රට අද බොහෝ කෘෂි භෝග ගෙන්වනු ලබන්නේ විදේශ රටවලිනි.
මෙරට ආර්ථිකයකට විශාල හානියක්ව රට සංවර්ධනය වෙනුවට ආපස්සට යෑම දිනෙන් දින වැඩි වෙමින් ඇත්තේ, සියල්ල පිටරටින් ගෙන්වන සංස්කෘතියකට අප හුරුව ඇති නිසාය.
ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් තමන්ගේ ආර්ථිකයේ වැඩි කොටසක් භාර දී තිබෙන්නේ කෘෂි කර්මාන්තයටය. එහිදී විශේෂත්වයක් වන්නේ සාම්ප්‍රදායික ක්‍රම රැක ගනිමින් ඒ සඳහා නව තාක්ෂණය ද භාවිතා කිරීමය.
එක් පැත්තකින් එංගලන්තය, පෝලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල් ද තවත් පැත්තකින් පිලිපීනය, තායිලන්තය, තායිවානය, වියට්නාමය වැනි රටවල් ද තවත් කෙළවරක පිහිටි ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ද තමන්ගේ කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දිනෙන් දින කටයුතු කරමින් ඒ සඳහා අලුත් දෑ එකතු කරති.
දැනට වසර දහයකට දොළහකට ඉහතදී මෙරට බොහෝ ගම්මානවල ජනතාව තමන්ට අවශ්‍ය කිරි පානය සකස් කර ගත්තේ ගෙදර වත්තේ සිටින කිරි එළදෙනගෙන්ය. එම කිරි එළදෙනගෙන් දොවා ගන්නා කිරි ගෙදර පරිභෝජනයට ගෙන ඉතිරි ටික මුදවා අතුරුපසට හෝ අතිරේක ආහාරයක් වශයෙන් ගනු ලැබීය. අද මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ගොසිනි. ඒ ක්ෂණික දේ ක්ෂණික ආහාරවලට හුරුවීම පෙන්වා දිය හැකිය.
ලෝකයේ වඩාත් දියුණු යැයි කියන රටවල් රැසක ම තවමත් සිය ගෙවත්ත පදනම් කරගෙන යන කෘෂි කර්මාන්තයක් පවතියි. ඔවුන් එය පරම්පාරීකත්වය ද අගයමින් ඉටු කරමින් සිටියි.
වර්තමානයේ ලෝකයේ සත්ව කිරි නිෂ්පාදනයෙන් අංක එකේ සිටින නවසීලන්තය උදාහරණයක් ලෙස ගතහොත් නවසීලන්තය සියයට 60කට වැඩි පිරිසක් තවමත් කෘෂි කර්මාන්තයේ නියැළී සිටිති.
එහිදී විශේෂත්වයක් වන්නේ, එරට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පමණක් නොව ලෝප්‍රකට රගර් ක්‍රීඩකයන් ද තම ගෙවත්ත තුළ කුඩා ගොවිපොළක් පවත්වාගෙන යෑමයි.
එක් කාලයක් එළවළු වවන ඔවුහු අවුරුද්දේ තවත් කාලයක පලතුරු වවති. එයට හේතු වී ඇත්තේ නවසීලන්තය පුරාවට ම මාස පහකට වැඩි කාලයක් තද සීතල කාලගුණයක් පැවතීමයි.
මේ කාලය තුළදී ද බොහෝ අය සීතලෙන් ආවරණය වන පරිදි භෝග වගාව සිදු කරයි. ඔවුන් තමන්ගේ ම ගෙවත්තේ වවාගත් කැරට්, ගෝවා ඇතුළු එළවළු ඉතා හොඳින් ආහාරයට ගන්නා බව පවසන්නේ ඉමහත් සතුටෙනි.
ගොවියාට මෙන් ම වෛද්‍යවරයාට ද කෘෂි භෝග වගාව සිදු කළ හැකි බව ඔවුහු ලෝකයට පෙන්වා දෙති.
තවත් පැත්තකින් ලෝකයේ අංක එකේ කිරිපිටි සමාගමක් වන ‘Fonterra’ සමාගමට මහා පරිමාණ වශයෙන් සමාගම් කිරි ලබා දෙන විට නවසීලන්තයේ කුඩා ගොවිපොළවල පුද්ගලයින් ද කිරි ලබා දෙති. එම කිරි උසස් තත්වයෙන් අදාළ සමාගමට ලබා දීමට කිරි ගවයින්ගේ හිමිකරුවන් කටයුතු කරති. මේ නිසා කුඩා වශයෙන් නිෂ්පාදනය කළත් එම කිරිවලට හොඳ ඉල්ලුමක් දිගින් දිගට ම පවතියි.
අප හට මෙම සිදුවීමෙන් යම් පණිවුඩයක් ලබා ගත හැක. එනම්, සංවර්ධන රටක් මෙන් ම ලෝකයේ ජීවත් වීමට සුදුසු ම රටවල් දහය අතර තෙවන ස්ථානයට පත්ව ඇත්තේ එම රට තුළ සම්ප්‍රදායි ගොවිතැන, කෘෂිකර්මාන්තය සහ පශු කර්මාන්තය ආරක්ෂා කිරීම තුළින් බවයි.
2018 වසරේදී ඩොලර් බිලියන 205ක් පමණ උපයා ඇති නවසීලන්තය කෘෂි නිෂ්පාදන යටතේ පලතුරු මෙන් ම එළවළු වගා කිරීම ද ව්‍යාප්ත කිරීම සඳහා වෙනම ක්‍රියාදාමයක් උපයෝගි කර ගනිති. ඒ තමන්ගේ රටේ අනාගතය භාර ගන්නා පාසල් දරුවන් මඟිනි.
මේ දරුවන්ට ද පාසල් වත්තේ ගොවි පොළක් පවත්වාගෙන යෑම තුළින් රටේ සංවර්ධන ව්‍යාප්තියට එක් විය හැකි ආකාරයේ කෘෂිකාර්මික වැඩසටහන් වසර ගණනක් තිස්සේ එරට රජය විසින් ක්‍රියාත්මක කරයි.
මිලියන හතරකට ආසන්න ජනගහණයක් සිටින නවසීලන්තයේ බොහෝ පවුල්වල ගෙවත්ත ඔවුන්ගේ නිෙවසේ ආහාර වේලකට එළවළුවක් හෝ පලතුරකින් පොහොසත්ය.
එම රටවල පවතින දැඩි සීතල තත්ත්වය නිසා යම් යම් කාලවල සමහර එළවළු පලතුරු වගා කළ නොහැකි අතර, එම කාලවලදී මල් වැවීමට කටයුතු කරන ගොවි පවුල් ඒවා අලෙවි කිරීමෙන් විශාල මුදලක් උපයා ගනිති.
අපට ද මේ ආකාරයෙන් ගෙවතු වගාව මෙන් ම සාම්ප්‍රදායික වගා ක්‍රම රැසක් මීට පෙර පැවැති අතර ඒවා කාලයක් සමඟ අපගෙන් ඈත් වෙමින් තිබේ. එහෙත් වර්තමානයේ සිදු කළ යුත්තේ ඒ පැරැණි ක්‍රම නැවත වර්තමාන සමාජයට ගෙන ඒමය.
පසුගිය කාලවල ශ්‍රී ලංකාව තුළ යළි යළිත් ගෙවතු වගාව ස්ථාපිත කිරීමට කටයුතු කළ ද අද ඒ සියල්ල ඇල්මැරුණු ස්වභාවයට පත්ව ඇත.
ශ්‍රී ලංකාව තුළ ඇති පාසල් අතරින් හොඳ ම ගොවිපොළ ඇති පාසලට මෙන්ම ලංකාව් ගෙවතු වගා කර ඇති හොඳම ගොවිපොළ යන ස්ථාන ලබා දීමට පියවර ගනු ලැබූ අතර එම ස්ථානයන් ලැබූ අය සඳහා මුදල් පරිත්‍යාග ද ලබා දීමට රජය පියවර ගැනීම සාධනීය තත්ත්වයකි.
සැලකිය යුතු පිරිසක් නැවත ගෙවතු වගාවට මේ තුළින් පැමිණ ඇතත් රටේ නිෂ්පාදන ධාරිතාවට ශක්තිමත් වීම සඳහා මෙය ප්‍රමාණවත් නොවන අතර කෙසේ හෝ සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කෘෂි කර්මාන්ත කටයුතු දියුණු කළ යුතු බව පෙන්වා දිය හැකිය.
ලෝකයේ බොහෝ රටවල් මේ වන විට මේ සාම්ප්‍රදායික තත්ත්වයන් ආරක්ෂා කරමින් ඉදිරියට පැමිණි බව අපට දැකගත හැකිය.
අප රටේ වැටී ඇති ආර්ථිකය ගොඩනංවාලීම සඳහා මෙය හොඳ පියවරක් වනු ඇතැයි පෙන්වා දිය හැකිය.
මේ උදාවී ඇත්තේ අපේ රටේ ද සාම්ප්‍රදායික කෘෂි හා පශු වගාව නැවත පණ ගැන්විය යුතු යුගයකි.
from silumina
0 Comments