Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇතැම් දේශපාලනඥයන්ගේ දූෂිත හැසිරීම් නිසා අපහසුතාවට පත්වෙනවා

ඇතැම් දේශපාලනඥයන්ගේ දුර්වල සහ දූෂිත හැසිරීම් හේතුවෙන් රටේ ජනතාවට මෙන්ම දේශපාලනඥයකු ලෙස තමාට ද දේශපාලනය පිළිබඳ කලකිරීම් ඇති වන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය කිතලව පූගල්ල මහා විද්‍යාලයේ රුපියල් මිලියන 25ක වියදමින් ඉදිකළ පන්ති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ ද්විතීයක කණිෂ්ඨ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම නිමිත්තෙන් පසුගියදා (28) පැවති උත්සවයේදී ඇමැතිවරයා මේ බව පැවසීය. ඇතැම් දේශපාලනඥයන් නීතියේ ආධිපත්‍යයට පවා බලපෑම් සිදු කරමින් අවිනීතික අයුරින් හැසිරෙන බවත්, පිළුණු වී ගිය මේ දේශපාලනය දරුවන් වෙනුවෙන් යහපත් හෙට දිනක් බලාපොරොත්තු වන කිසිදු මවකගේ හෝ පියකුගේ බලාපොරොත්තුව නොවන බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවල අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමාට පවා, වගකීම් විරහිත පළාත් දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, දේශපාලනඥයන් ලෙස නිවැරදිව තම වගකීම් හඳුනා නොගැනීම හේතුවෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳ තමා ජනාධිපතිවරයා පවා දැනුවත් කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ප්‍රතිපත්ති පාවා නොදී නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාකරන දේශපාලන නායකයන්, තුට්ටු දෙකේ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවට පත්වන බවද, මෙරට බොහෝ දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට හුරුවීමට තවමත් හැකිවී නොමැති බවද අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඇමැතිවරයා, මාධ්‍යවේදීන් අතුරුදන් කරමින්, මහමඟ මරා දමමින්, මාධ්‍ය ආයතන ගිනිබත් කළ යුගය වෙනුවට අද ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් නිර්මාණය කර තිබිය දී පවා ඇතැම් රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොහඳුන්නන් ලෙස කටයුතු කරන බවද කීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();