Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දමිළ සරණාගතයන් 83ක් යළි මවුබිමට

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයීය මඟපෙන්වීමෙන් 83 දෙනකුගෙන් යුත් ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් පිරිසක් පෙරේදා (31) ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට ළඟා වූහ.

සියලුම ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට වත්මන් රජය කැපවී සිටින අතර, ඒ අනුව යුද සමයේ රට හැරගිය සියලුම පුරවැසියන්ට නැවතත් සිය රට බලා පැමිණෙන ලෙස රජය විසින් විවෘත ආරාධනයක් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙසේ ස්වේච්ඡාවෙන් සිය රට බලා පැමිණෙන ශ්‍රී ලාංකික දමිළ සරණාගතයන් සඳහා පහසුකම් සැලසීමට ඉදිරිපත් වී සිටියි.

ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරුවලින් 2009 සිට මේ දක්වා දමිළ සරණාගතයන් 11,020ක් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, තවත් 3815 දෙනකු එසේ මවු රටට පැමිණීමට සිය කැමැත්ත පළකර තිබේ. මෙසේ පැමිණෙන දමිළ සරණාගතයන් වවුනියාව, මන්නාරම, මාතලේ, මුලතිවු, ත්‍රිකුණාමලය සහ යාපනය ආදී තම ගම්බිම්වල නැවතත් පදිංචි කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් ලබාදීම සිදුකරන අතර, මෙසේ සිය රට බලා පැමිණෙන සරණාගතයන්ට මාස 6ක කාලයක් පුරා වියළි ආහාර ලබාදීමට ද උපරිම රුපියල් ලක්ෂයක් දක්වා වූ ජීවනෝපාය සහනාධාරයක් ලබාදීමට ද රජය කටයුතු කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();