Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොහොමඩ් මුසම්මිල් CIDයට එයි

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
 
ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තාවේ.
 
එම සිද්ධියට අදාලව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතාගෙන් ද ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
 
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සිදුකළ හෙලිදරව්වක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඉන්දීය ජාතිකයෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට අනාවරණය වීම හේතුවෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා, ඔහුගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ මොහොමඩ් මුසම්මිල් යන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();