Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චන්ද්‍රයා මත මෙතෙක් ගවේෂණය නොකළ තැනකට Chang'e-4 යයි

(ක්‍රිසන්ති විතාරණ )
චන්ද්‍රයා මත මෙතෙක් ගවේෂණය නොකළ ප්‍රදේශයකට Chang'e-4 රොබෝ අභ්‍යාවකාශ යානය බීජිං වේලාවෙන් පෙරවරු 10.26 ට ගොඩ බැස් වූ බව චීනය තහවුරු කරයි.  මෙම යානය එම කලාපයේ භූවිද්‍යා මෙන්ම ජීව විද්‍යාත්මක පර්යේෂණ සඳහා අදාල උපකරණ රැගෙන ගිය බව සඳහන් වේ. 
 
මෙය අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි. මෙතෙක් චන්ද්‍රයා මත සිදු කළ සියළු පර්යේෂණ පෘථිවියට පෙනෙන  ප්‍රදේශයට පමණක් සීමා වූ අතර මෙය ඊට ප්‍රති විරුද්ධ ප්‍රදේශය ගවේෂණය කිරීම සඳහා යොමු කර ඇත. 
 
සඳ මත ගොඩ බැසීමෙන් පසු Chang'e-4 යානය විසින් මේ වන විටත් ඡායාරූප රැසක් පෘථිවියට එවා ඇත. මෙමගින් ලබා ගනු ලබන ඡායාරූප ඇතුළු සියළු දත්ත මුළින් වෙනමම චන්ද්‍රිකාවකට යොමු කරනු ලබන අතර එමගින් පෘථිවිය වෙක යොමු කරනු ලබයි. 
 
චන්ද්‍රයා මත ඇති පස් පෘථිවියට රැගෙන ඒම සහ චන්ද්‍රයා ගවේෂණය Chang'e-4 යානයේ මූළික කාර්යභාරය වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();