Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු කොරියානු නායකයාගෙන් ට්‍රම්ප්ට ලිපියක්

 
(ක්‍රිසන්ති විතාරණ )
දකුණු කොරියානු ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් නොනැවතුන උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ද ලිපියක් යොමු කර තිබේ. 
 
ඒ බව අනාවරණය කරමින් ට්‍රම්ප් පවසන්නේ නුදුරේදීම උතුරු කොරියානු නායකයාව හමු වීමට තමන් අපේක්ෂා කරන බවයි. උතුරු කොරියාව සමඟ පැවැති සාකච්ඡා කල් දැමීමට කිසිදිනෙක අපේක්ෂා නොකළ බව මෙහිදී ට්‍රම්ප් විසින් අවධාරණය කර තිබේ.
 
කඩිනමින් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි හරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අමෙරිකාවේ අපේක්ෂාව බව ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසයි.  
 
ඉදිරියේදී අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමටත් තමන් කැමැත්තෙන් පසුවන බවත්, න්‍යෂ්ටික වැඩපිළිවෙල මුලුමනින්ම අත්හැරීමට තමන් සූදානම් බවත් නව වසරේ සිය පණිවුඩය මගින් උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();