Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේනාගෙන් බේරුණු බඩඉරිඟුවලට කුකුළු ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ මිලක්

26 ජනවාරි, 2019

සේනා දළඹුවා ව්‍යාප්ත වීමනිසා මේ වන විට බඩඉරිඟු වගාවට සියයට 30- 50කට ආසන්න විනාශයක් සිදු වී ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.

මේ අතර අස්වැන්න හානිය මෙට්‍රික්ටොන් 170000 පමණ ප්‍රමාණයක් සේනා දළඹුවා හේතුවෙන් හානි වී ඇති බවද මෙය ඉදිරියේදී වෙනස් විය හැකි බවත් මෙහිදී අනාවරණ විය.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා (කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයට) වසරකට මෙට්‍රික් ටොන් 1.2ක බඩඉරිඟු ප්‍රමාණයක් අවශ්‍ය බවද කීවේය.

පසුගිය වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශය සත්ත්ව ආහාර වෙනුවෙන් වැඩි වශයෙන් බඩඉරිඟු නිෂ්පාදනය කිරීම සඳහා ගොවීන් දැනුවත් කර ඒ සඳහා උනන්දු කරවූ අතර හෙක්ටයාර් 65000ක් බඩඉරිඟු වවා තිබීම විශේෂත්වයක් බවද සඳහන් කළේය. 2018 මහ කන්නයේදී හෙක්ටයාර 80000ක් වගා කිරීමටද පියවර ගැනුණි. රජය මගින් ලබා දෙන පොහොර හා අනෙකුත් සහනාධාර මත මෙම වගාව ඉතා සාර්ථකව කරගෙන ආ බවද කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේය. එවැනි සුභදායී තත්ත්වයක් තිබියදී සිදු වූ හදිසි ව්‍යසනය හේතුවෙන් අපේ දේශයත් වගාවත් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවද කී ඒ මහතා මේ වන විට එම විනාශ වූ වගාවන් නිසා ගස් කපා දැමීම සිදු කරන බවද කීය.

හානියෙන් පසුව ඉතිරි වූ සියලුම බඩඉරිඟු නිෂ්පාදනයන් කුකුළු ආහාර නිෂ්පාදනයන් සිදු කරන සංගම් විසින් රුපියල් 45ත් 52 අතර මිලක් ගෙවා මිලදී ගනු ලබන බවද මෙහිදී කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය. තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක බඩඉරිඟු ප්‍රමාණයක් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();