Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවල හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14 ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන මහත්වරුන් ලබන මස 13 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ හා ශෂී වීරවංශ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට වෙන් වෙන්ව කැඳවා ප්‍රකාශ තුනක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ, මෙම ඉන්දීය ජාතිකයා තමා හමු වී ඇද්දැයි යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බවයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ශෂී වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ සිය නිවසට පැමිණ ඇති බවයි.

ඉන්දීය ජාතිකයා තම නිවසට පැමිණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට තර්ජනයක් ඇති බවට දැනුම් දී තිබේ.

එම අවස්ථාවේ ශෂී වීරවංශ පවසා ඇත්තේ, විමල් වීරවංශ නිවසේ නොමැති බවත් ඔහු කාර්යාලයට ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයට ද ගොස් ඇති බවත් එහිදී මොහොමඩ් මුසාම්මිල් මහතා හමුවී ඇති බවත් ශෂී වීරවංශ හා විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බව අද අධිකරණයේදී අනාවරණ විය.

 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();