Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කඩුවෙල හෝටලයක පුද්ගලයෙක් සැකකටයුතු ලෙස මිය යයි

 
නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මිය ගොස් තිබේ.
 
මෙම මරණකරු මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
ඊයේ(29) පස්වරු 5.30ට පමණ මෙම මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ කාමරයක් කුලියට ගෙන තිබේ. එසේම පැමිණි අනෙක් පුද්ගලයා රාත්‍රී 7.00ට  පමණ පිටව ගොස් ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
මෘත ශරීරය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිතය.
 
නවගමුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();