Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෘශ්‍යාබාධිත සිසුවියන් දෙදෙනාට විශේෂ ලැප්ටොප් පරිගණක සහ මුදල් පරිත්‍යාගයක්

පසුගියදා මදුරන්කුලිය ප්‍රදේශයේ දී දෘශ්‍යාබාධිත සිසුවියන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම සිසුවියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ  ලැප්ටොප්    පරිගණක දෙකක් සහ මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
 
පසුගිය වසරේ ජූලි 13 වනදා ජනාධිපතිතුමා පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයට ගියේ ග්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වීමටයි. එහිදී ජනාධිපතිතුමා හමු වූ මෙම සිසුවියන් දෙදෙනා තම ඉල්ලීම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළාය.
 
එම ඉල්ලීම ඉටුකරමින් දෘශ්‍යාබාධිත පුද්ගලයන් සදහා භාවිතා කළ හැකි විශේෂ මෘදුකාංග සහිත  ලැප්ටොප්    පරිගණක දෙකක් එම සිසුවියන් වෙත ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළ අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් මුදල් පරිත්‍යාගයක් ද සිදු කළේය. 
 
වර්ණකුලසූරිය සදුනි පේෂලා සහ රුක්ෂානි මේකලා වන මෙම සිසුවියන් දෙදෙනා මුන්දලම සිංහල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ  අ.පො.ස උසස් පෙළ සමත්ව දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරමින් සිටි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();