Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවත්වන්නැයි යළි ඉල්ලීමක්

පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගත් තීරණය, අත් හිටුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි විරෝධයක් නැවත එල්ල කරයි.
 
එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් වේ. 
 
විශේෂයෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පවතින ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබෙන අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් වහාම කටයුතු කළ යුතු බව නැවත එම සංගමය අවධාරණය කරනු ලැබේ. මෙම සේවාවන් වහාම අත්හිටුවීම තුළින් දුර ගමන් සේවා භාවිතා කරන මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉලීමක් කර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();