Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘මතින් නිදහස් රටක්’ ලෙස නම් කළ නව දුම්රිය ප්‍රථම ගමන අරඹයි

Author(s): 
නිමල් රාජපක්ෂ
'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන 'මතින් නිදහස් රටක්' ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්ධු, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්වරු ඇතුඑ විශාල

‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ‘මතින් නිදහස් රටක්’ ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරැඹිණි.

එම දුම්රියේ පළමු ගමන් වාරයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මරදාන දුම්රිය ස්ථානය තෙක් දුම්රියේ ගමන් කළේය.

මීට වසර 04කට පෙර ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණු අතර, එය නව මුහුණුවරකින් පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ අද සිට ආරම්භ වන සතිය දහම් පාසල් සතිය ලෙස නම් කර ඇති අතර, මේ දුම්රිය ඒ හා සමගාමීව ධාවනයට යොදා ඇත.

නව දුම්රිය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලින් වන අහිත කර බලපෑම් සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගත හැකි පියවරයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සිදුකෙරුණු අත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහන සඳහා ද එක්විය.

මෙහි දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් පසුගිය වසර 04ක කාලය තුළ දී දියත් කළ වැඩසටහන් මේ වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරෙන බවයි. ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ගෙන යන ජාතික වැඩපිළිවෙළට පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසට ද ජනාධිපතිවරයා සමස්ත රට වැසියාගෙන් ඉල්ලීමක් කළේය.

උතුර දකුණ යා කෙරෙමින් ගමන් ගන්නා මේ දුම්රිය මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් නම් කිරීම සනිටුහන් කරමින් අදාළ ලියවිලි ජනාධිපතිවරයා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා වෙත ලබා දීමට මෙහි දී සිදුවිය.

ඉන්දියාවෙන් ගෙන්වන ලද මේ දුම්රිය, බලවේග කට්ටල දෙකකින් යුතු වන අතර, වායු සමීකරණ මැදිරි 02 කින්, දෙවැනි පන්තියේ මැදිරි 02 කින් සහ තෙවැනි පන්තියේ මැදිරි 07කින් සමන්විතය.

මේ හා සමගාමීව දහම් පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහනක් කුරුණෑගල දුම්රිය ස්ථානයේ දී ද අද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්ධු, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප විමල් කරුණාතිලක ‍
සහ ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();