Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කේරළයෙන් ගෙනා කෝටි 2ක් වටිනා ගංජා කි.ග්‍රෑ.115 සමග සැක තිදෙනෙක් දැලේ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට නීතිවිරෝධිව මුහුදු මගින් ගෙනා රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා කමින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 115කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයක් හා ජවාරමට යොදාගත් මෝටර් බෝට්ටුවක් සමග ජාවාරමට සම්බන්ධ බවට සැකකරන සැකකරුවන් තිදෙනෙකු වැල්වැටිතුරේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ඊයේ පෙරේදා (26දා) සවස සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්වැටිතුරේ පොලිස් වසමේ වැල්වැටිතුරය කුච්චා පාර ප්‍රදේශයේ නිවසක කේරළ ගංජා විශාල තොගයක් ගබඩා කර ඒවා රහසිගතව කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් වන බවට වැල්වැටිතුරේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්.කුමාරසේන මහතා ඇතුළු නිලධාරින් පිරිසකට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මකවූ පොලිස් කණ්ඩායම වැටලීම සිදුකර තිබුණු අතර කොළඹට ප්‍රවාහනය කිරීම සදහා ලොරි රථයකට පටවා තිබූ කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 100ක ප්‍රමාණය සමග සැකකරුවන් දෙදෙනෙකු මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි.

එම ලොරිය නවතා තිබූ නිවස වටලා පරික්ෂාවට ලක්කරද්දී නිවසේ කාමරයක සගවා තිබූ තවත් කේරළ ගංජා කිලෝ 104 ග්‍රෑම් 300ක ප්‍රමාණය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබු අතර ගංජා තොගය ඉතා සුරක්ෂිතව පාර් සල් (55)ක අසුරා තිබූ බව පොලිසිය පවසයි.කුච්චා පාරේ පදිංචි සැකකරු පසුගිය සිකුරාදා දිනයේ අශ්ව බල 25කින් සමන්විත මෝටර් බෝට්ටුවකින් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය ප්‍ර දේශයට ගොස් ගංජා තොගය රැගෙනවිත් තිබෙන බව පොලිසිය පවසයි.වැල්වැටිතුරයේ සිට දකුණු ඉන්දියාවේ මුහුදු වෙරළට කිලෝමීටර් හතලිහක පමණ දුරක් ඇති බැවින් ජාවාරම්කරුවන් එහ ප්‍ර දේශයේ ජාවාරම්කරුවන් සමග ගනුදෙනු සිදුකරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

සැකකරු ධීවරයෙකු ලෙස මොටර් බොට්ටුවේ ගමන් කරමින් මුර සංචාරයේ යෙදෙන නාවික හමුදා යාත්‍රා මගහරින් ඉතා සූක්ෂම ආකාරයට කේරළ ගංජා තොගය වැල්වැටිතුරය ප්‍රදේශයට ගෙනවිත් තිබෙන බවත් දකුණු ඉන්දියාවට යාම සදහා යොදා ගත් බවට සැකකරන කුඩා බෝට්ටුව හා අශ්ව බල විසි පහකින් සමන්විත බෝට්ටු ඇංජිමත් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවටගත් කේරළ ගංජා කිලෝවක් ජාවාරම්කරුවන්ට රුපියල් 150000 ක මුදලකට අලවිකරන බව ප්‍රධාන සැකකරු පොලිසියට අනාවරණය කර තිබූ අතර එම ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටී හැත්තෑ එක් ලක්ෂ හැට දහසක් (171600000) බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.මෙම ගංජා තොගය කොළඹ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වූයේ නම් දිවයින පුරා විසිරි යන බවත් ඔවුන් එම ගංජා තොගය රුපියල් කෝටී තුනකට අධික මුදලකට අලවිකරනා බවට සැකකල හැකි බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරා වන 52 හැවරිදි පුද්ගලයා හා ඔහුගේ ගෝලයා වන 19 හැවරිදි පුද්ගලයා චුන්නක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කේරළ ගංජා මෙරටට නීතිවිරෝධිව රැගෙනා 45 හැවරදි සැකකරු වැල්වැටිතුරේ පොලිස්වසමේ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වූවන් කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන් බව පොලිසිය අනාවරණය කරගෙන තිබූ අතර ඔවුන් ඊයේ (27දා) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට අනුවා වැල්වැටිතුරේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් විශාලතම කේරළ ගංජා තොගය මෙයවේ.

කොට්ඨාශභාර පොලිස් අධිකාරී බී.යූ.උඩුගමසූරිය වැල්වැටිතුරය සහකාර පොලිස් අධිකාරී (111) ආර්.පී.පී.පී.ආර්.පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස්මත වැල්වැටිතුරේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්.කුමාරසේන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.එම්.ඒ.එස්.කුලරත්න හේරත් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

 අනුරාධපුර මධ්‍යම විශේෂ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();