Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොකු ලූණු ආනයනයට සීමා

ලොකු ලූණු ආනයනය කිරීමේ  සීමා පැනවීමට අදහස් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති පී.හැරිසන් මහතා කියයි.
 
දඹුල්ල , පොළොන්නරුව , අනුරාධපුර , ගලේවල යන ප්‍රදේශවල ලොකු ලූණු නිෂ්පාදනය අතීතයේ හෙක්ටෙයාර් 7000ක පමණප්‍රමාණයක් සිදු කළ ද මේවනවිට එය හෙක්ටෙයාර් 1000 දක්වා අඩුවී ඇති බවත් , එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට ලොකු ලූණු අස්වැන්න නෙළන සමය තුළ පිටරටින් ලූණු ආනයනය කිරීම බවද  ඇමැතිවවරයා පවසයි.
 
ඒ අනුව මාර්තු , අප්‍රේල් , මැයි යන කාලය තුළදී මෙරට ලොකු ලූණු අස්වැන්න නෙළන සමය තුල ඉදිරියේදී ලූණු ගෙන්වන සමාගම් වෙත ආනයනය සීමා කිරීමටත් , කෝටා ක්‍රමයක් හඳුන්වා දීමටත් තමන් මැදිහත්ව කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
 
ලූණු තොග පිටින් අලෙවි කිරීම තුළින් දේශීය ලොකු ලූණු නිෂ්පාදකයා අතරමං වී ඇති බවත්,රට තුළට ගෙන්වන ලද ලූණු ප්‍රමාණය ගණනය කිරීමටක්‍රමවේදයක් සකසන බවත් , තොග ගබඩා කර ඇති ලොකු ලූණු සමාගම්වල තොග අතිරික්ත මාර්තු සිට මැයි දක්වා නිදහස් නොකිරීමට කොන්දේසි පනවන බවත් ඇමැති.පී.හැරිසන් මහතා කියයි.
 
දේශීය ලොකු ලූණු ගොවියා ගොවිතැනෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක් රට තුළ මේ වනවිට ඇති වී ඇති බවත් , තමා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කරන තාක් කල් එසේ නොවීමට වගා බලා ගැනීම තම අපේක්ෂාව බවත් ඒ මහතා මහතා පැවසීය.
 
එසේම ඉදිරියේදී මුං ඇට , කව්පි , කුරක්කන් ඇතුළු බෝග සඳහා ආනයනය සීමා කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();