Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාස් ඇතුළු 06කගේ අභියාචනා විභාගයට

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ලබන මස 06  වනදා කැඳවන ලෙස නියම කළේය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

මෙම අභියාචනා පෙත්සම් අද සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

අභියාචනා අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන 85 ක් අතුරින් තමන් වෙත මේ වන විට ලැබී ඇත්තේ ලේඛන 11 පමණක් බවයි.

මේ හේතුවෙන් ඉතිරි ලේඛන ද තමන් වෙත කඩිනමින් ලබා දෙන මෙන් නියෝගයක් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කරන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම අභියාචන ඉදිරිපත් කර තිබේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();