Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිහිදී මියගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු දිවයිනට

මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ  මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු ලබන 02 වැනි දා දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එදින පස්වරු 03.10 ට දේහයන් යුද හමුදාපතිවරයා වෙත භාර දෙන බවයි.

ඒ, එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරියෙකු විසිනි.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තිදෙනෙකු ද මෙරටට පැමිණීමට නියමිත බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්විය.

එම පිපිරීමෙන් මියගියේ කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන මහත්වරුන්ය.

පිපිරීමෙන් තව ත් මෙරට හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබුහ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිත, එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වන හනා සිංගර් සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වූ අතර එම අවස්ථාවේ දී මාලි රාජ්‍යයේ දී ප්‍රහාරයකට ලක්වී දිවිපිදු ශ්‍රී ලාංකීක සාම සාධක හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එතුමියගේ සානුකම්පිත ශෝකය ප්‍රකාශ කර සිටියහ.

මෙම සාකච්ඡාවේදී හනා සිංගර් විසින් දිවිපිදු රණවිරුවන් දෙදෙනාට කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට යුද්ධ හමුදාධිපතිතුමන්ට සහතික වූ අතර වියෝව හේතුවෙන් ශෝකාකූල වූ පවුල් දෙක පිළිබඳ සොයාබලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරදෙන බවට ද පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();