- කිෂු ගෝමස්
ප්ලැටිනම් සම්මාන ජුරියේ සභාපති.
ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගැයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරන ප්‍රථම ක්‍රීඩා සම්මාන උෙලළ වන්නේ ප්ලැටිනම් සම්මාන උලෙළයි. ප්ලැටිනම් සම්මාන උෙලළ ප්‍රථම වරට 2014 දී ආරම්භ කළේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයයි.
තෙවැනි වරටත් පැවැත්වෙන ප්ලැටිනම් සම්මාන උලෙළ මාර්තු 29 දා පැවැත්වීමට නියමිතය. මෙවර පැවැත්වෙන්නේ 2017 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය සහ අන්තර් ජාතික වශයෙන් දක්වන දක්ෂතා ඇගැයීමයි. මෙවර ප්ලැටිනම් සම්මාන උෙලළ සඳහා සිරස ස්පෝට්ස්ෆස්ට් සමඟ එකතු වන්නේ ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි.
මෙකී සම්මාන උලළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගන්නා ජූරි සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කිෂු ගෝමස්ය. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඇති කිෂු ව්‍යාපාර නායකයකු ලෙස ද වැඩිම සම්මාන ගණනක් දිනා ගෙන තිබෙන සම්මානනීය ව්‍යාපාර නායකයෙකි. මේ 2018 ප්ලැටිනම් සම්මාන උෙලළ පිළිබඳ කතාබහකට කිෂු ගෝමස්ට අප වෙන් කළ ඉඩකඩයි.
අපේ රටේ ක්‍රීඩා සම්බන්ධයෙන් මොන වගේ අදහසක් ද තියෙන්නේ.?
අපි අපේ හැකියාවන් ගෙන් දක්ෂතාවන්ගෙන් වැඩ ගන්නේ නෑ, කියලා තමයි හිතෙන්නේ. මම විශ්වාස කරන්නේ අපේ කතාව පටන් ගන්න වෙන්නෙත් ඔය තැනින් එයට හේතුව අපේ රටේ ක්‍රීඩා 64 ක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාව ගැන අන්තර්ජාතික වශයෙන් කතා වෙන්නේ ක්‍රිකට්, මලල ක්‍රීඩා, වොලිබෝල්, රග්බි, දැල් පන්දු ගැන කතා වෙනවා හැරෙන කොට පොදුවේ, අපි පුදුම විදියට දක්ෂ ක්‍රීඩා ගැන කතා වෙනවා අඩුයි.
ඒ කියන්නේ අපි බහුතර ක්‍රීඩා සංඛ්‍යාවකින් ප්‍රයෝජන අරගෙන නෑ. නැත්නම් ගන්නේ නෑ.
ඔව්, අපි කැරම් ක්‍රීඩාව ගත්තොත් අන්තර් ජාතික වශයෙන් ඉතාමත් ඉහළ තැනක ඉන්නවා. බර ඉසිලීම, කාය වර්ධන ක්‍රීඩාව, ස්නුකර් වගේ ක්‍රීඩා ගත්තොත් අපි ලෝකයේ ඉහළින්ම කතා කරන තැනක ඉන්නවා.
ඒත් ක්‍රීඩා ලෝකයේ ඉහළම තලවලට ගෙනියලා, ප්‍රචලිත කරන්න අපට සැලසුම් තිබිලා නෑ.
මේ සැලසුම් නැති ක්‍රීඩාවල දක්ෂයන් ඇගැයීම ද ප්ලැටිනම් සම්මාන උලළේ තිෙයන්නේ?
අනිවාර්යෙන් ම කෙරෙන්නේ ඒ දේ තමයි. අපේ රටේ කතා කරන නොකරන සෑම ක්‍රීඩාවක් ඇතුළේ ම තියෙන දක්ෂතාවන් ප්ලැටිනම් සම්මාන උලළෙට ගන්න පුළුවන්. මේ උලළේ සම්මාන විස්සක් තියෙනවා. ඊට අමතරව කුසලතා සම්මාන දහයක් එක්ක සම්මානලාභින් තිස් දෙනෙක් ඇගැයීමට ලක් කරනවා. මේ ක්‍රීඩා 64 තුළින් තමයි දක්ෂතා ඇති 30 දෙනා ඇගැයිමට ලක් කරන්නේ.
මේ සම්මාන උලළේ පරමාර්ථ මොනවාද?
ඕනෑම ක්ෂේත්‍රයක ක්‍රීඩාවක් හෝ වෙනත් අංශයක දෙයක් හරි ප්‍රචලිත කරන්න නම්, හඳුනා ගැනීමක් කෙරෙන්න ඕනෑ. මේ හඳුනා ගැනීම තුළින් තමයි යම් අයෙකුට ආසාවක් ඇතිවෙන්නේ. ක්‍රීඩාවටත් මේ දේ පොදුයි.
ක්‍රීඩාවල අද තියෙන දක්ෂතා හඳුනා ගත්තාම ක්‍රීඩාවල නිරත වෙලා ඉන්න අයට උත්තේජනයක් ලැබෙනවා, තව තවත් ජයග්‍රහණ කරා යන්න, මේ ජයග්‍රහණය කියන දේ හරි තෘප්තිමත් දෙයක්නේ. මේක තමයි ජීවිතය වෙන්නේ. මේ හරහා තව තවත් ජයග්‍රහණ කරා යන්න පොළඹවනවා.
දෙවැනි කරුණ තමයි ක්‍රීඩාවට එන්න හිතාගෙන ඉන්න අයට වගේම මේ දිහා බලාගෙන ඉන්න අයටත් ආසාවක් ඇති වෙනවා. මේ තුළින් ලැබෙන ප්‍රසිද්ධිය වගේ දේවල් හරහා ඔවුන්ට ක්‍රීඩාව ගැන තව තවත් ඇල්මක් ඇති වෙනවා. මේ දේවල් අවශ්‍ය වෙනවා අපට ඉදිරියට යන්න සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවිතයේ අවසාන ඉලක්ක මොනවාද හදුනා ගැනීම, ආදරය, ගරුත්වය වගේ දේවල් නේ. මේවා ක්‍රීඩාවට විතරක් පොදු දෙයක් නෙවෙයි. ඕනෑම ක්ෂේත්‍රයට පොදු දේවල්.
ක්‍රීඩාව තරගයක් නිසා ම මේ දේවල් වඩ වඩාත් කැපි පෙනෙනවා. ඉස්මතු වෙනවාද?
ඔව්, ක්‍රීඩාවක තරගයකට ඉදිරිපත් වෙලා ජය ගැනීම තමයි හැම දෙනාගේම ඒකායන බලාපොරොත්තුව වෙන්නේ. මේ තරගකාරී මනස කියන දේ රටක් විදියට ම ගොඩ නගා ගැනීම හරිම වැදගත්.
අපි කතාවට කියනවානේ ලෝකයේ අනිත් රටවල් පරාජය කරලා ආර්ථික වශයෙන් ගොඩ යන්න ඕනා කියලා ආර්ථිකය දියුණු කරන්න ඕනෑ කියලා. අපි මේ තරගයෙන් දිනන්න නම් අනිත් රටවල් එක්ක තරග කරන්න ඕනෑ අපේ රටේ ජනතාවනේ.
අපේ මුළු ජනගහනය මිලියන 22.5 යි මෙයින් ශ්‍රම බලකාය මිලියන 8.5 යි .මේ ශ්‍රම බලකාය තුළ ඉන්න මිලියන 8.5 කායිකව වගේම මානසිකත්වය ක්‍රියාකාරිව තරග කරන්න ඕනෑ. අනිත් රටවල් එක්ක ඉදිරියට යන්න නම් මේ දේ සේවාවක් හෝ භාණ්ඩයක් විකුණනවා වෙන්න පුළුවන්. පිටරටවල ධනය ඇඳ ගැනීමට මේ මිලියන 8.5 දක්ෂ වෙන්න ඕනෑ.
ඔබ මෙතැන මතු කරන්න උත්සාහ කරන්නේ අපි රටක් විදියට ආකල්පමය වෙනසකට යන්න ඕනෑ කියන එකනේ?
හරියට හරි. අපිට හරි එහෙමත් නැත්නම් නිවැරදි ආකල්ප නෑ කියලා හැම තිස්සේම කියනවා නේ. ආකල්ප හදන්න පුළුවන් අධ්‍යාපනයෙන්ද ක්‍රීඩාවෙන් ද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ අධ්‍යාපනය පදනම සකසනවා. ක්‍රීඩාවෙන් තමයි නියම ආකල්ප හදන්න පුළුවන් කියලා.
අපි යම් කිසි දෙයකට එළැඹෙන කොට ජයග්‍රාහි මනසකින් එළැඹිලා ජයග්‍රාහි මනස භාවිත කරලා ඇෙඟන් ගන්න පුළුවන් උපරිමය අරගෙන ජවය, ශක්තිය, මානසිකත්වය මේ කියන සියලුම ප්‍රබල හැඟිම් මතු කර ගන්න ඕනෑ ජයග්‍රාහි ගමනක් යන්න.
අපේ රටේ ඵලදායිතාව අඩුයි කියලා කියනවනේ. ඵලදායිතාව කියන්නේ අපේ සෞඛ්‍යය, ශක්තිය එක්ක බැඳුණ දෙයක්නේ. සෞඛ්‍යය හොඳ නම්, ශක්තිය තියෙනවා නම්, අපේ ආකල්ප ධනාත්මකව වැඩි දියුණු කර ගත්තා නම් ඵලදායිතාවය ළඟාකර ගන්න පුළුවන්. අපි මේ දෙකෙන්ම රටක් විදියට අසමත් වෙලානේ ඉන්නේ.
මේ අසමතුන් සමතුන් කරන්නේ කොහොමද?
මේවාට ස්ථිරසාර වැඩ සටහන් ඕනෑ. අද ලෝකයේ දියුණු රටවල ක්‍රීඩාව වඩාත් දියුණුයි අන්ත නොදියුණු රටවලත් ක්‍රීඩාව දියුණු නෑ කියන්නේ නෑ. ඒ රටවලත් ක්‍රීඩාව දියුණුයි. ඉතියෝපියාව, කෙන්යාව ගත්තත් ඔලිම්පික් උලළේවල ඉදිරියෙන් ඉන්නවා.ඒ ඔවුන්ගේ රටවල ක්‍රීඩා ශීලිත්වය, උනන්දුව, කැපවීම කියන දේවල් එක්ක තමයි මේ දේවල් ඉදිරියට යන්නේ. කඩියෝ වගේ වැඩ කරන්න නම් ක්‍රීඩාව ඇඟවල් ඇතුළේ පැල්බැඳගෙන තියෙන්න ඕනෑ.
අපට එහෙම තියෙනවද කියලා බලන්න ඕනෑ. ක්‍රීඩා ශීලිත්වය අපේ අය තුළ වගා කරන්නේ නැතුව මේ ගමන යන්න බෑ. අපේ ආකල්ප ඵලදායිතාව වැඩි කරලා ලෝකයේ අනිත් රටවල් එක්ක තරග කරන්න පුළුවන් ශ්‍රම බලකායක් අපට ගොඩ නගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි ආර්ථික වටිනාකම.
අනිත් පැත්තෙන් ක්‍රීඩාවෙන් අපි තෘප්තිමත් තැනකට එන්න ඕනෑ. සනත්, කළු, සංගා, මහේලලා ගහන කොට මුරලි බෝල් කරන කොට අපේ මහ පාරවල් හිස් වුණේ නැද්ද? එහෙම කාලයක් අපට තිබුණා.
දුක කියන දේ ජීවිතයට පොදුයි. උපතේ ඉඳලා මැරෙන තෙක් අපි හුඟක් දේවල් කරනවා. අපි ජීවත් වෙන්න ඕනෑ. අද සතුටින් තෘප්තියෙන් කාලය ගත කරන්න ඕනෑ, ක්‍රීඩාව කියන්නේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය උපරිමයෙන්ම ගෙන දෙන එකක්නේ. ක්‍රීඩාවේ වැදගත්කම අපේ රටේ අය තේරුම් ගෙන නෑ. එහෙම නැත්නම් මේ දේ තේරෙනවා, හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නෑ.
මේක හරි ඛේදවාචකයක්?
ඔව්, මෑතක දී සහ ඉතිහාසයේ දියුණු වෙච්ච රටවල් ගත්තොත් ජර්මනිය, ජපානය, ඇමෙරිකාව, එංගලන්තය දැන් ඉන්දියාව, චීනය මේ රටවල් වේගයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා.
චීනය ඔලිම්පික්වල ඇවිත් තියෙන ඉදිරිය බලන්න. ආර්ථිකය ඔවුන් හසුරුවා ගන්නා විදිය බලන්න. ඇමෙරිකාව ක්‍රීඩාව අතින් ඉන්න තැන සහ ආර්ථික අතින් ඉන්න තැන බලන්න.මේ හැම දෙයක් ඇතුළේම ලොකු සහසම්බන්ධතාවක් තියෙනවා. අපි මේ තත්ත්වය අවබෝධ කර ගන්න ඕනෑ. අපි මීට වඩා ක්‍රීඩාවට ආයෝජනය කරන්න ඕනෑ. අද ඇළක දොළක බැහැල නටන ළමයි නෑ. ඇඳ ඇතුලේ තියෙන කුණු ටික අතුගාල ගන්න බැරි කී දෙනෙක් ගෙවල්වල ඉන්නවාද? මීටර් 100 – 200 ක් හදිසියකට දුවලා ගිහින් පැය ගණන් හතිදාන අය කී දෙනෙක් අපේ රටේ ඉන්නවාද? මේවා වෙනස් කරන්නේ නැතුව වෙනස් වෙන්නේ නැතුව අපට රටක් විදියට ඉදිරියට යනවා කියන එක නම් හීනයක් තමයි.
පොදුවේ මේ දේවල් අපි අත හැරලද? අතහරිද? එහෙමත් නැත්නම් මේවා පැෂන් එකක් කරගෙන නැද්ද?
මේ පැෂන් එක තවමත් හැදෙමින් පවතිනවා. ක්‍රීඩා සංස්කෘතියක් ගත්තත් පොදුවේ නෙවෙයි වෙන වෙන තැන්වල මතු වෙමින් තියෙනවා. අපේ රග්බි ගත්තොත් උප සංස්කෘතියක් තියෙනවා. ඒක මරු, රග්බි ලෝලයින් මේ වටා පුදුමකාර විදියට බැදිලා ඉන්නවා. බත් හැළිය ලිපේ තියලා මේක කර වුණත් ඔවුන් තරග ඉවරවෙලා තමයි බත් හැළිය දිහා බලන්නේ.
ක්‍රිකට් ගත්තත්, මලල ක්‍රීඩාවේ දී මලල ක්‍රීඩාවට කැමැති අය අතරේ ලොකු උනන්දුවක් තියෙනවා. ඔබ මගෙන් ඇහුවොත් ජිවිතයේ වඩාත් කැමැති දේ මොකක්ද? කියලා මම කියන්නේ මලල ක්‍රීඩා. මීටර් 110 ජාතික කඩුලු පැනිමේ ශූරයෙක්. කොළඹ දිස්ත්‍රික්කයේ වසර 5 ක් අඛණ්ඩව ශූරයා වුණා. ජාතික පාසල් ශූරයා වුණා. ඊට පස්සේ රස්සාවට ආවම මගේ ක්‍රීඩා ජීවිතය නැති වුණා.
ඔලිම්පික් උලළේ මලල ක්‍රීඩා ඉසව්ව තියෙන කොට මම මගේ ඔක්කෝම නිවාඩු ටික ගන්නවා. අපේ වෙලාවෙන් තරග තියෙන්නේ රෑ 2-3-4 ද ඒවා බලන්නේ නෑ. මගේ එක සිහිනයක් තියෙනවා මැරෙන්න කළින් ඇස් දෙකෙන් ඔලිම්පික් උෙලළක් බලන්න. ඒ දේ ඊළඟ හෝ ඊළඟ ඔලිම්පික්වල මම අනිවාර්යෙන්ම ඉටු කර ගන්නවා.
මේ හැම දේම එකතු කරලා පොදු සංස්කෘතියක් විදියට ගොඩ නගන්න තවම හැකියාව ලැබිලා නෑ. මේ දේ තමයි හදන්න ඕනෑ.
මේ දේ පටන් ගන්න හොඳම තැන පාසල?
ඇත්තටම, පාසල් පද්ධතිය ඇතුලේ මේ දේ කරන්න පටන් ගන්න හරිම ලෙහෙසියි. මේවා T.V වේදිකා, පත්තරවල කතා කරලා නෙමෙයි. ක්‍රියාකාරි සැලසුමක් ඇති කරලා මේ දේට මුලපුරනවා නම් සාර්ථක ගමනක් යන්න පුළුවනි.
මෙකේ වටිනාකම අම්මලා, තාත්තලා, ගුරුවරු, විදුහල්පතිවරුන්ගේ ඉඳලා දැනුවත් කිරීම තමයි වැදගත් ම දේ. මේවායේ තියෙන වටිනාකම් ජනතාවට - රටට, ආර්ථිකයට පෙන්වා දෙන්න පුළුවන් නම් ඒක, හරියට වටිනවා. ඒ වගේම තමයි ක්‍රීඩාවේ වින්දනය හරිම වැදගත්. මේවා හරියට අවබෝධ කර ගත්තොත් කිසිම කෙනෙක් මේවාට අකමැතිවෙයි, විරුද්ධ වෙයි කියලා හිතන්නේ නෑ. ඒ වගේම මේවාට දෙන සහයෝගය පවා නො දී ඉදියි කියලා හිතන්නේ නෑ.
අපේ රටේ තියෙන ක්‍රීඩා සම්මාන උෙලළවල් අතර ප්ලැටිනම් සම්මාන උෙලළ වෙනස් වෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් මේ වගේ දේකදි කෙරෙන්නේ හඳුනා ගැනීමක් සහ හඳුන්වා දීමක් නේ. ජයග්‍රහකයෙක් ජයගුහණයක් විදියට හිතුවට වැඩක් නෑ, සමාජය ඒ ජයග්‍රහකයෙක් දන්නේ නැත්නම්. හැබැයි ජයග්‍රහකයාට ප්‍රසිද්ධියක් ලැබිල, සමාජයම ඔහුව ජයග්‍රහකයෙක් විදියට පිළි ගන්නවා නම් ඒක තමයි වැදගත් ම දේ. එතකොට සමාජීය ඇසින්ම ඔහු සැබෑ ජයග්‍රහකයෙක් වෙනවා. ප්ලැටිනම් සම්මාන උලළෙන් කරන්නෙත් ඒ දේ තමයි.
ප්ලැටිනම් සම්මාන උලළේ වැදගත් ම දේ තමයි මෙය පවත්වන්නේ රටේ විශාලතම මාධ්‍ය ජාලයයි. භාෂා ත්‍රිත්වයෙන්ම TV චැනල්, ගුවන් විදුලි නාලිකා, වගේම තවත් මාධ්‍ය ජාලාවක් වෙනම තියෙනවා. ඒ වගේ සිරස මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සමාජ සම්බන්ධතා තියෙනවා. ප්‍රචාරණය කියන දේ උපරිම මට්ටමින් ම තියෙනවා.
ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළ රජය පවත්වනවා. ඒක පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබුණේ. හැබැයි රටේ පැවැති ව්‍යාකූල දේශපාලන වටපිටාව ඇතුළත එය පැවැත්වුණේ නෑ. ඒ සම්මාන උලෙළේත් ජූරි සභාවේ සභාපති විදියට පත්වීම ලැබුණෙත් මට. සිරස මාධ්‍ය ජාලයට මේ සම්මාන උලෙළ ගැන විනාඩි දහයෙන් දහයට වුණත් කතා කරන්න පුළුවන්. මුලතිව් ඉන්න කෙනාගේ ඉඳලා කතරගම ඉන්න කෙනාටත් මේක එක වගේ අහන්න බලන්න පුළුවන්. මෙතුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විතරක් නෙවෙයි ජනතාවගේ ම හදවතට ම කතා කරන්න පුළුවන් හැකියාව ඔවුන්ට තිබෙනවා.
ඉල්ලුම්පත් කැඳවලා ප්ලැටිනම් සම්මාන උලෙළෙහි සම්මානලාභීන් නම් කරන්න තීරණය කළේ ඇයි?
ගොඩක් ඒවා ඉල්ලුම්පත් කැඳවලා තමයි සම්මාන දෙන්නේ. සම්මාන දෙකක් බෙ දී යනවා ඉල්ලුම්පත් නැතුව. එකක් තමයි ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ එහෙම නැත්නම් වර්තමානයේ අන්තර් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගන්න විශිෂ්ටයකු වෙනුවෙන් පිරිනමන සම්මානය. මේ තෙවැනි වතාව, මීට පෙර දෙවතාවේදීම පළමු සැරේ එහි විශිෂ්ටයන්ගේ විශිෂ්ටයා සම්මානය දිනා ගත්තේ අර්ජුන රණතුංග, දෙවැනි වතාවේ, ඒ සම්මානය දිනා ගත්තේ සුසන්තිකා ජයසිංහ. ඊට අමතරව ජනප්‍රියම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තෝරා ගන්නවා. පළමු වතාවේ ඇන්ජලෝ මැතිව්ස්, දෙවැනි වතාවේ ඩිලන්ත මාලගමුව ඒ සම්මාන දෙක දිනා ගත්තා. ඔය සම්මාන ඉල්ලුම්පත් කැඳවලා නෙවෙයි පිරිනමන්නේ.
එතකොට අනිත් සම්මානවලට තමයි ඉල්ලුම්පත් කැඳවන්නේ?
ඔව්. එයට හේතුව ඉල්ලුම්පතක් නැතුව මේ දේ කළොත්, ඇත්තටම යම් ක්‍රීඩාවක නියම දක්ෂයෙක් කොහෙ හරි හැංගිලා ඉන්න පුළුවන්. අපි හිතමු මෙයාව දන්නෙ නෑ කියලා. ආසියානු තරගාවලියේ හෝ යොවුන් ඔලිම්පික් උලෙළ හරි දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි ඉන්නවා නම් අපි එයාව දන්නවා. ඒත් ඒ ඉසව්වටම තවත් දක්ෂයෙක් ඉන්නවා ආසියානු තරගාවලියට හරි යොවුන් ඔලිම්පික් ඔලිම්පික් හරි මොන යම් හෝ හේතුවකට යන්න බැරි වුණා. එයාගේ දක්ෂතාව ක්‍රීඩා අමාත්‍යාංශය පිළි ඇරගෙන සහතික කරලා තියෙනවා නම්, අවස්ථාව හම්බ වෙලා යන්න පුළුවන් වුණ කෙනාට වඩා අපි මේ යන්න බැරි වුණ කෙනා ගැන බලන්න ඕනෑ. ඉල්ලුම්පත්වල වැදගත්කම තියෙන්නේ එතැන කියලයි අපි විශ්වාස කරන්නේ.
හැම දක්ෂයෙක් ම ඉල්ලුම්පත් දාලා මේ තැනට එන්න හිතයි - හිතෙනවා කියලා විශ්වාසද?
මීට කලින් 2014, ඊට පස්සේ 2016 තියෙන කොට ලංකාවේ හැම ක්‍රීඩාවකම ඉන්න උපරිම අය මේ සඳහා ඉල්ලුම්පත් යොමු කරලා තියෙනවා.
මේ සම්මානය දිනාගෙන තියෙන්නේ අපේ රටේ හොඳම ක්‍රීඩික, ක්‍රීඩිකාවෝ. ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි මේ හැම ක්‍රීඩාවකම දක්ෂයෝ අතර තමයි ප්ලැටිනම් සම්මාන බෙදිලා ගිහින් තියෙන්නේ. මෙතෙක් ගැටලු මතු වෙලා නෑ.
අපි හිතමු කවුරු හරි ඉල්ලුම් කරලා නෑ කියලා. අපේ ජූරි සභාවේ හත්දෙනෙක් ඉන්නවා. මේ හත් දෙනා ගෙන් ක්‍රීඩා රැසක් ම නියෝජනය වෙනවා.
මම සභාපති විදියට කටයුතු කරන විට දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, ජුලියන් බෝලිං, ඩිල්රෝයි ප්‍රනාන්දු, මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා, රුවන් කෑරගල යන අය තමයි මේ ජූරි සභාවේ ඉන්නේ. මීට කලින් වතාවල කිසිම තැනක් අතපසු වෙලා නෑ.
මේ සම්මාන උලෙළට සමගාමීව සිරස රට වටේ හැම දිස්ත්‍රික්කයකටම ආවරණයක් ලබා දෙනවා. ඒ තුළින් හැම කෙනෙක් ම මේ ගැන දැන ගන්නවා. ඒ නිසා මඟ හැර යාමක් හෝ අතපසු වීමක් වෙයි කියලා හිතන්නේ නෑ.
සමාජයට දෙන පණිවිඩය?
අපි රටක් විදියට ගත්තොත් අපට ඕනෑ මොනවාද දුප්පත්කමෙන් අඩු එහෙම නැත්නම් දුප්පත්කම නැති වුණ නිරෝගි නිවැරැදි ආකල්ප තියෙන, මනා සම්බන්ධතා ගොඩනැඟෙන සහජීවනය, කණ්ඩායමක් වගේ හිතන්න, ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
අපි ඔක්කොම මිනිසුන්, ජය - පරාජය මේ ජීවිතයට පොදු දෙයක්.
ලාංකේයන් විදියට ක්‍රීඩාව තුළින් අපට ගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න දැනුවත් වෙන්න, ක්‍රීඩාශීලී වෙන්න, ක්‍රීඩාවට යොමු වෙන්න, යොමු කරවන්න ක්‍රීඩාව හරහා ජීවිතයට ගන්න පුළුවන් හර පද්ධතිය ගන්න, ජිවිතයේ අවසාන වශයෙන් බලාපොරොත්තුවෙන වින්දනය ලබාගන්න.
ක්‍රීඩාව හරහා ලබාගන්නා දියුණුව තුළින් අපට ආර්ථික සමාජීය වර්ධන ළඟා කරගන්න පුළුවන්.
from silumina
0 Comments