Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මතින් තොර රටක් හැදී­මට සංක­ල්ප­මය වෙන­සක් ඇති කළ යුතුයි

අනා­ග­තයේ මත්ද්‍ර­ව්‍ය­ව­ලින් තොර නිද­හස් රටක් නිර්මා­ණය කිරී­මට නම් පාසල් දරු­වන්ගේ සංක­ල්ප­මය හා අධ්‍යා­ත්මික ගුණ­දර්ම ප්‍රගුණ කළ යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා හා අග­මැ­ති­ව­රයා එක්ව ක්‍රියා­ත්මක කෙරෙන ‘මතට එරෙ­හිව පාස­ලෙන් ජව­යක්‘ වැඩ­ස­ට­හන මගින් දරු දැරි­යන්ගේ සංක­ල්ප­මය ගුණ­දර්ම වර්ධ­නය වන බව අධ්‍යා­පන අමාත්‍ය අකිල විරාජ් කාරි­ය­ව­සම් මහතා පැව­සීය.

ළඟම පාසල හොඳම පාසල වැඩ­ස­ට­හන රට පුරා ක්‍රියා­ත්මක කෙරෙන්නේ ග්‍රාමීය ප්‍රදේ­ශ­වල දරු­වන් මවු ඇක­යෙන් ගිලිහී නාග­රික ප්‍රදේ­ශ­ව­ලට පැමිණ විවිධ උව­දුරු සඳහා යොමු­වීම වැළැ­ක්වී­මට බවත් ‘ලඟම පාසල හොදම පාසල‘ ව්‍යාපෘ­ති­යෙන් මේ වන විට සිය­ලුම පාසල් අංග­ස­ම්පූර්ණ පාසල් බවට පත් වී ඇති බව අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

සාමාන්‍ය පෙළ විභා­ගය අස­මත් දරු­වන්ගේ අනා­ග­තය සුර­ක්ෂිත කිරීම සඳහා පාස­ළේම වෘත්තීය නිපු­ණතා විශ­යන් 26ක් වසර දෙක­කින් නිම කිරී­මට පිය­වර ගෙන ඇති බව පැවසූ ඇමැ­ති­ව­රයා, ඒම වැඩ­ස­ට­හන මගින් විභාග අස­මත් දරු­වන්ට වෘත්ති­මය රැකි­යා­වක් ලැබෙන බවයි.

අධ්‍යා­පන අමාත්‍ය අකිල් විරාජ් මහතා මේ බව පැව­සුවේ පෙරේදා (24) ශ්‍රි ජය­ව­ර්ධ­න­පුර ජනා­ධි­පති විද්‍යා­ලයේ පැවැති 'මතට එරෙ­හිව පාස­ලෙන් ජව­යක් පාසල් මත්ද්‍රව්‍ය නිවා­රණ සතිය' වැඩ­ස­ට­හන යටතේ සිසුන් සහ ගුරු­ව­රුන් දැනු­ව­ත්කි­රීමේ සම්ම­න්ත්‍ර­ණ­යට එක්වෙ­මිනි.

පාස­ලට පැමිණි අධ්‍යා­පන අමා­ත්‍ය­ව­ර­යාව විද්‍යා­ලයේ තූර්ය වාදක කණ්ඩා­යම උණු­සුම් ලෙස පිළි­ගනු ලැබීය. ජාතික ධජය හා පාසල් ධජය එස­වී­මෙන් අන­තු­රුව උත්සව භූමි­යට පැමිණි අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා සමඟ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළි­බඳ පාසල් ශිෂ්‍ය නායක මණ්ඩ­ලයේ සිසුන් සම්මුඛ සාක­ච්ඡා­වක් ද පැවැ­ත්වූහ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා- මතින් නිද­හස් රටක් නිර්මා­ණය කිරී­මට පිය­වර ගැනීම පිළි­බ­ඳව අධ්‍යා­පන ඇම­ති­ව­රයා ලෙස විශේ­ෂ­යෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ අග­මැ­ති­ව­ර­යාට ස්තූති­වන්ත වෙනවා. පාසල් දරු­වන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට යොමු­වීම වැළැ­ක්වීම සම්බ­න්ධ­යෙන් පාසල් හරහා දියත් කර ඇති වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා ලෙස මම ස්තූති­වන්ත වෙනවා.

අපේ රට ඉතාම ලස්සන රටක්. මම අව­රුදු විසි ගණ­න්ව­ලින් පාර්ලි­මේ­න්තු­වට ඇවිල්ලා මට ලෝකෙ­වටේ යන්න අව­ස්ථාව ලැබුණා. ඒ නිසා මම අද්දැ­කී­මෙන් කිය­නවා, අපේ රට ඉතා­මත් සුන්දර දිව­යි­නක්. අනෙක් රට­වල් සමඟ සැස­දීමේ දී ඒ බව අපට පෙනෙ­නවා. රටේ සුන්දර බව වැඩි­කර ගන්න හැකි වන්නේ රටේ ජීව­ත්වන පුර­වැ­සි­යන්ගේ සංක­ල්ප­මය, අධ්‍යා­ත්මක දියු­ණුව වැඩි කිරී­මේන්. ඒම ගුණාං­ගය සංව­ර්ධ­නය කළ හැකි හෝඳම ස්ථානය පාස­ලයි. මේ රටේ සිටින සිය­ලුම පාස­ල්වල දරු­වන් පුංචි කාලේ සිට හොඳ ගති­ගුණ ඇති, හොඳ හද­ව­තක් තිබෙන, මතින් තොර පර­පු­රක් බිහි­කි­රී­මට හැකි­නම් අපේ රට මීටත් වඩා ලස්සන කර ගන්න පුළු­වන්.

මතින් තොර රටක් නිර්මා­ණය කිරීම සඳහා අප සමා­ජය සමඟ ගැටිය යුතුයි. ඒ සඳහා අප සිය­ලු­දෙනා මත්ද්‍ර­ව්‍ය­ව­ලින් වන විනා­ශය පිළි­බඳ දැනු­ව­ත්භා­ව­ය­කින් සිටිය යුතුයි. මවු­පි­යන්, ගරු­ව­රුන් මේ සඳහා ඉදි­රි­යට පැමි­ණිය යුතුයි. මුව්පි­යන් වශ­යෙන් සමා­ජීය, තාක්ෂ­ණික දැනුම සොයා­ගත යුතුයි. ඒ මගින් දරු­වන්ගේ අනා­ගත මාර්ගය මොකද්ද කියා මවු­පි­යන්ට තීර­ණය කරන්න පුළු­වන්.

අපි ළඟම පාසල හොදම පාසල වැඩ­ස­ට­හන් පට­න්ගත්තේ මවු ඇක­යෙන් ගිලිහී ඈත පාළා­ත්ව­ලට යන දරු­වන් විවිධ දේව­ල්ව­ලට පෙළ­ඹෙ­නවා. එයින් ප්‍රධා­නව පෙළ­ඹෙන්නේ මත්ද්‍ර­ව්‍‍ෙ­ව­ලට. තමන්ගේ දරුවා ළඟ සිටි­මින් පාසල් යැවී­මට හැකි­නම්, හව­සට දරුවා සමඟ ගෙදර සිටි­නවා නම්, එයින් වැර­දි­ව­ලට යොමු­වීමේ සම්බා­වි­තාව අඩුයි. උදා­හ­ර­ණ­යක් ලෙස මගේ පවුලේ සමා­ජි­ක­යන් හය දෙනෙකු සිටියා. හය දෙනාම ළඟම පාස­ලෙන් අධ්‍යා­ප­නය ලබා විශ්ව­වි­ද්‍යා­ල­යට ගියා. අද හැම දරු­ව­කු­ගේම ළඟම පාසල හොඳම පාසල වී තිබෙ­නවා.

අද සුරක්ෂා වැඩ­ස­ට­හන යටතේ රජයේ, පෞද්ග­ලික, ජාත්‍ය­න්තර පාසල් සිය­ල්ල­ගේම දරු­වන්ට ආර­ක්ෂාව ලැබී තිබෙ­නවා. දරු­වන්ට පම­ණක් නෙමෙයි දරු­වන්ගේ මවක්, පියෙක් මර­ණ­යට පත්වු­ණත් අපි මුදල් ගෙව­නවා. දරු­වාගේ අනා­ග­තය වෙනු­වෙන්. රජයේ රෝහ­ල­කට යම්කිසි හේතු­වක් මත දරු­වකු ඇතු­ළත් කළ­හොත් මෙම වසරේ සිට රුපි­යල් 3000ක මුද­ලක් ලබා­දී­මට තීර­ණය කර තිබෙ­නවා. මෙතෙක් රුපි­යල් 1000ක මුද­ලක් තමයි ගෙව්වේ. ඇයි දරු­වන් වෙනු­වෙන් මෙච්චර විය­දම් කරන්නේ ? ඒ අපට තිබෙන වටි­නාම සම්පත මානව සම්පත නිසායි.

සෞඛ්‍ය සම්පන්න, ලෙඩ රෝග­ව­ලින් සුර­ක්ෂිත, පෝෂ්‍යදායී පර­පු­රක් බිහි­කි­රීම අපගේ අර­මු­ණයි. ඒ අව­ශ්‍ය­තාව ඇති­කි­රී­මට තමයි රජය බදු අය­කර ගන්නේ. ඔබෙන් අය­කර ගන්නා බදු නැවත් ඔබට ලැබෙන්නේ මේවා හරහා. රට පුරා පාස­ල්වල ගොඩ­නැ­ගිලි 1500ක් විතර විවෘත කිරී­මට පම­ණක් තිබෙ­නවා. කිසිම දිනක අධ්‍යා­ප­න­යට එවැනි සම්පත් ලැබී නෑ .

වෙනදා සාමාන්‍ය පෙළ විභා­ගය අස­මත් වී තරු­ණයෝ බෝක්කු උඩ හිටියේ. අද එහෙම නෑ. අද සාමාන්‍ය පෙළ විභා­ගය අස­මත් දරු­වන්ට පාස­ලේම වෘත්තීය විශ­යන් 26කින් එකක් තොරා­ගෙන ඒ හරහා අධ්‍යා­ප­නය ලැබී­මට වැඩ­ස­ට­හ­නක් ආරම්භ කර තිබෙ­නවා. ඊට අම­ත­රව ක්‍රීඩා­වෙන් දක්ෂ කෙනාට ක්‍රීඩා­වෙන් ඉදි­රි­යට යන්න පුළු­වන්, කලා­වට දක්ෂ අයට කලා­වෙන් ඉදි­රි­යට යා හැකියි, කෘෂි විද්‍යාව, තොර­තුර තාක්ෂ­ණය, සංචා­රක වැනි විෂ­යන් මේ වන විට පාස­ලේම වසර දෙකක් අධ්‍යා­ප­නය ලබා වෘත්තීය නිපු­ණ­තාව ලබා­දී­මට වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්ම­කයි. ඒ නිසා අද කිසිදු දරු­වකු අධ්‍යා­ප­න­යෙන් පසුව හංදි ගානේ ඉන්න ඕනේ නෑ.

ඉහත මා සඳ­හන් කළ වෘත්තීය විෂ­යන් පාසලේ ක්‍රියා­ත්මක කිරීමේ වැඩ­ස­ට­හන මගින් පාසල් ශිෂ්‍ය­යන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට යොමු­වීමේ අව­දා­නම අඩු­ව­නවා. මොකද සාමාන්‍ය පෙළ අස­මත් දරු­වන් සමා­ජයේ විවිධ කණ්ඩා­යම් සමඟ එකතු වී කල්ලි හදා­ගෙන සිටින බවට සමී­ක්ෂ­ණ­ව­ලින් අනා­ව­ර­ණය වී තිබෙ­නවා. ඒ දරු­වන්ට වෘත්තීය අධ්‍යා­ප­නය ලබා­දී­මෙන් ඒ දරු­වන් මත්ද්‍රව්‍ය උව­දු­රෙන් ආරක්ෂා වෙනවා.

පසු­ගිය මාස කීපයේ මිලි­යන 700ක පොත් පාසල් වෙත ලබා දුන්නා. ඒ පොත් යම්කිසි සාර්ථක පුද්ග­ල­ය­කුගේ චරිත ආශ්‍ර­යෙන් ලිය­වුණ පොත්. එයින් පැය කීප­යක් ඇතු­ළත පුද්ග­ල­ය­කුගේ ජිවිත විනාශ වූ හැටි‍, ජීවිත ජය­ගත් හැටි. මත්ද්‍ර­ව්‍ය­ව­ලින් ජීවිත විනාශ වී ඇති ආකා­රය දැන­ගත හැකියි. ඒ නිසා එම පොත පත දරු­වන් කිය­වීම මගින් ඔවුන්ගේ සිතුම් පැතුම් ඒ හරහා වෙනස් වෙනවා. නරක දේවල් ටිකින් ටික ඈත්කි­රී­මට නම් නිර­න්තර කිය­වීම වැද­ගත්. ඒ නිසා පුස්ත­කාල සඳහා ජීවි­තය ජය­ගත් පුද්ග­ල­යන්ගේ චරි­තා­ප්‍ර­ධාන ඇතු­ළත් පොත් පත් ලබා­දෙන ලෙස මම සිය­ලුම පාස­ල්වල විදු­හ­ල්ප­ති­ව­රුන්ට උප­දෙස් දී තිබෙ­නවා . මවු­පි­යන්ට ද ඒම උදාර වැඩ­ස­ට­හ­නට දායක වෙන්න පුළු­වන්.

කිසිම දරු­වකු දුර්වල නෑ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ අස­මත් වුණත් පසුව ඒ අය වෙනම කෂේත්‍ර හරහා ඉදි­රි­යට යනවා. සම­හර දරු­වන්ගේ අඩු මාන­සික වර්ධ­න­යක් තිබෙ­නවා. පසුව එය ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වෙනවා. ඒ නිසා කිසිදු දරු­වකු අඩු තක්සේ­රු­වට ලක් කරන්න බෑ. ජීවි­තය දින­නවා කියන්නේ උපා­දි­යක් ගන්න එකම නෙවෙයි. විවිධ ක්ෂෙත්‍ර­ව­ලින් ඉදි­රි­යට ගිහින් ජීවි­තය දිනපු අය බොහෝ සමා­ජයේ සිටි­නවා. මේ පිළි­බඳ මවු­පි­යන් හා ගුරු­ව­රුන් හොඳින් දැන­ගත යුතුයි.

ශිෂ්‍යත්ව විභා­ගය සමත් අය­ගෙන් 12%ක් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත්වී තිබෙ­නවා කියන එක පරී­ක්ෂ­ණ­යක් තිබෙ­නවා මම දැක්කා. දැනුම අතින් අපේ රට වසර 15ක් පමණ පසු­ප­සින් ඉන්නේ. හොඳ දේවල් ඇසුරු කර­මින් අප දැනුම ලබා­ගෙන ඉදි­රි­යට යා යුතුයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මගින් මත්ද්‍රව්‍ය නිවා­රණ කමිටු පිහි­ටුවා ඒ සඳහා උප­දෙස් සග්‍ර­හ­යක් නිකුත් කර තිබෙ­නවා. පාසල හෝ පිටත පාසල් වැඩ­ස­ට­හ­න්වල මත්ද්‍රව්‍ය භාවි­තය තහ­නම් කර තිබෙ­නවා. පාසල් දරු­වන් අතර තිබෙන පොදු ගැටලු හඳුනා ගැනී­මට අන්ත­රා­යක ඖෂධ පාලක මණ්ඩ­ලය සමඟ එක්ව නිල­ධා­රීන් පිරි­සක් පත්කර තිබෙ­නවා. පොලිසි මගින් පාස­ල­වල අද­හස් හා යෝජනා ඉදි­රි­ප­ත්කි­රීමේ පෙට්ටි සවි­කි­රී­මට පිය­වර ගෙන තිබෙ­නවා. ඒ හරහා යම්කිසි මත්ද්‍රව්‍ය සම්බන්ධ දෙයක් වනවා නම් එම පෙට්ටි­යට ලිඛි­තව දැමිය හැකියි. මීට අම­ත­රව තවත් වැඩ­ස­ට­හන් කීප­යක් ක්‍රියා­ත්මක කර­මින් සිටි­නවා.

මෙම අව­ස්ථා­වට අමාත්‍ය හර්ෂ ද සිල්වා, අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් පාසල් කට­යුතු අශෝකා සේනානි, අති­රේක ලේකම් අධ්‍යා­පන සේවා හේමන්ත ප්‍රේම­ති­ලක, දුම්කොළ හා මධ්‍ය­සාර ජාතික අධි­කා­රියේ සභා­පති පාලිත අබේ­කෝන්, අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලයේ සභා­පති සමන් අබේ­සිංහ, අධ්‍යා­පන අධ්‍යක්ෂ, (සෞඛ්‍ය හා පෝෂණ) රේණුකා පීරිස් යන මහත්ම මහ­ත්මීහු ද සහ­භාගී වී සිටි­යහ.

අසේල ලිය­නගේ
ජායා­රූප - වාසිත පට­බැ­ඳිගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();