Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කින්නියා උණුසුම් - අහසට වෙඩි

ත්‍රිකුණාමලය - කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගං මෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නාවික හමුදාව අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

නාවික හමුදාව නිවේදනය කලේ, එහිදී ගගට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

එම අවස්ථාවේදී නාවික හමුදාව අහසට වෙඩි පහර දෙකක් එල්ල කර ඇත.

පසුව පැමිණි පොලිසිය හා විශේෂ කාර්ය බලකාය තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදාව කියා සිටියේ.

අද පෙරවරුවේ නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම හදිසි වැටලීම සිදුකරනු ලැබුවේ ලද තොරතුරකට අනුවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();