Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිරෙන් නිදහස්ව ඇවිත් ගෙවල් බිඳුම් රැසකට සැක පුද්ගලයෙක් අත්අඩංගුවට

මල්වාන සමූහ මහානාම විතානගේ හා රාගම සමූහ

ගෙවල් බිඳුම් නවයක් සම්බන්ධව සිරදඬුවම් විඳ බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ නැවත ගෙවල් බිඳුම් 14ක් හා සොරකම් 07ක් සිදු කරන ලද දිවයිනේ නමගිය ලියාපදිංචි අපරාධකරුවෙකු සිය අනියම් බිරිය සමඟ සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 24 වැනිදා කිරිබත්ගොඩ ලැගුම්හලක වායු සමීකරණය කරන ලද කාමරයක ලැඟුම් ගෙන සිටි මේ යුවළ මහර අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගය මත රඳවා තබාගෙන සිදුකළ විමර්ශනයකදී මෙය අනාවරණය කර ගැනීමට හැකිවිණි.

මේ සැකකරු විසින් ගෙවල් බිඳුම් හා සොරකම්වලින් ගත් භාණඩ මේ අනියම් බිරිඳගේ මාර්ගයෙන් උකස් කර හා විකුණා ඇතැයි ද කියති.

තවද මේ සැකකරුට ගෙවල් බිඳුම් සම්බන්ධව මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු 07ක් නිකුත් කර තිබේ.

මේ යුවළ මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගන්නා විටද සැකකාර තරුණයා ළඟ හෙරොයින් ග්‍රෑම්ස් 2. 200ක් හා අනියම් බිරිය ළඟ හෙරොයින් ග්‍රෑම්ස් 2. 150ක් තිබී හමුවී තිබේ.

මේ සැකකරු විසින් සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 09 ක් හා සොරකම් 03ක් සහ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 05ක් හා සොරකම් 04ක් සිදු කර ඇත.

මේ ගෙවල් බිඳුම් හා සොරකම්වලින් සොරාගත් රන් ආභරණ ඇතුළු භාණ්ඩවලින් රුපියල් ලක්ෂ 20ක් වටිනා රන් අභරණ දොරවල්වල යතුරු තහඩු, ජංගම දුරකථන චාජර්, අත් ඔර්ලෝසු, සුවඳ විලවුන් හා විස්කි බෝතල් ඇතුළු භාණ්ඩ රැසක් සමගම රුපියල් 30,650ක මුදලක් ද සොයා ගනු ලැබීය.

මීට අමතරව මෙම සැකකරු විදේශ මුදල් ජපන් යෙන් 49,000ක මුදලක් ද මාරුකර මුදල් ලබාගෙන ඇත.

සොයාගත් රන් ආභරණවල ප්‍රමාණය පවුම් 25ක් වන අතර ඒවා කිරිබත්ගොඩ, මරදාන හා හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට උකස් කර හා විකුණා තිබිණි.

මේ යුවළ විසින් භාණ්ඩ උකස් කර හා විකුණා ලබාගත් මුදල් මත්කුඩු පානය කිරීමට වැයකර තිබෙන අතර ඔවුන්ට දිනකට මත්කුඩුවලට රුපියල් 40,000ක් පමණක් අවශ්‍ය වන බවද පැවසේ.

මේ යුවළ මේ ලැගුම් හලේ වාසු යමීකරණය කරන ලද කාමරයක ලැගුම් ගෙන සිටිමින් මේ ගෙවල් බිඳුම් හා සොරකම් කර තිබෙන අතර එම කාමරයට දිනකට ගාස්තුව රුපියල් 2500ක් වේ.

මේ සැකකරු ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකු වන අතර අනියම් බිරිය මහා ඌරාගහ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තැනැත්තියකි.

ඊයේ (28) මේ යුවළ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි, උප පොලිස් පරීක්ෂකවරුන් වන කේ.ඒ.එච්. නිරෝෂන්, නිපුන ද සිල්වා, සැරයන් ජයතුංග (33434), පො.කො.කුමාර (71453), දසනායක (71335), ලක්මාල් (82436), කුමාර (68475), චමින්ද (40078), හේමන්ත (36736), දිනේෂ් (76046), චතුරංග (84427), චතුරංග (31805) හා කාන්තා පො. කො. ජයකොඩි (6228) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කළහ.

බස්නාහිර පළාත - උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මේ වැටලීම සිදු කෙරිණි

වැටලීමට එක් වූ සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති තුසිත ජයකොඩි මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සොයා ගත් භාණ්ඩ පරීක්ෂා කරන අයුරු.

ඡායාරූපය - මල්වාන සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();