Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එස්.එස්.සී-සැරසන්ස් ජය ගනිති

නිරෝෂාන් ප්‍රියංකර

අන්තර් සමාජ පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් තරග වදින ‘සුපිරි අට’ වටයේ දෙවැනි සතියේදී ජයග්‍රහණ හිමිකර ගැනීමට එස්.එස්.සී සහ සැරසන්ස් ක්‍රීඩා සමාජ සමත්වූ අතර හලාවත මේරියන්ස් සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජවලට පළමු ඉනිමේ ජයග්‍රහණයන්ගෙන් සෑහීමට සිදුවිය.

සී.සී.සී පිටියේ පැවැති තරගයෙන් යුද හමුදා පිල කඩුලු 9කින් පරාජය කරමින් එස්.එස්.සී පිල සුපිරි අට වටයේ දෙවැනි ජය වාර්තා කළ අතර සැරසන්ස් ක්‍රීඩා සමාජය කෝල්ට්ස් පිටියේදී එන්.සී.සී පිල කඩුලු 6කින් පරාජය කරමින් සුපිරි අට වටයේ පළමු ජය අත්කර ගත්තේය.

එන්.සී.සී. පිටියේදී කෝල්ට්ස් පිලට එරෙහිව හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයත්, කටුනායකදී සී.සී.සී පිලට එරෙහිව ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයත් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්හ.

මේ තරගවලදී ද්විත්ව ශතක 3ක් සහ ශතක 10ක් වාර්තා වූ අතර මෙවර තරග වාරයේ පිතිකරුවකු රැස්කළ ඉහළම ඉනිමට හිමිකම් කී එස්.එස්.සී පිලේ කෞෂාල් සිල්වා තම ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 273ක් වාර්තා කළේය. පන්දු 345කට මුහුණදුන් ඔහු හතරේ පහර 29ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ නායක තරංග පරණවිතාන නොදැවී ලකුණු 215ක් රැස් කළේ සී.සී.සී පිලට එරෙහිවය. හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට පන්දු 372ක් වැය විය.

මේ සතියේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූයේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ඕෂද ප්‍රනාන්දුය. කෝල්ට්ස් පිලට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 109ක් රැස්කළ ඔහු දෙවැනි ඉනිමේදී සිය තරග දිවියේ ඉහළම ඉනිම දියත් කරමින් ලකුණු 234ක් වාර්තා කළේය. ද්විත්ව ශතකය සඳහා වේගවත් පිතිහරඹයක නිරතවූ ඔහු හතරේ පහර 11ක් සමගින් හයේ පහර 17කින් ඉනිම අලංකාර කර ගත්තේ පන්දු 209ක් පමණක් වැය කරමිනි. මෙවර තරගාවලියේ තරගයකදී පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සටහන් කළ ඔහු ඉනිම දෙකේදී ලකුණු 343ක් රැස්කර තිබිණි. මේ සමග මෙවර තරග වාරයේ ලකුණු 1000 පසුකළ පළමු පිතිකරු බවට පත්වීමටද ඔහුට හැකිවිය. තරග 8කට එක්වූ ඕෂද ඉනිම 14කදී ද්විත්ව ශතකයක්, ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1121කි.

හර්ෂ කුරේ (හලාවත), දුෂාන් විමුක්ති සහ ලක්ෂිත මධුෂාන් (යුද), මහේල උඩවත්ත සහ ළහිරු උදාර (එන්.සී.සී.), ප්‍රියමාල් පෙරේරා සහ සංගීත් කුරේ (කොල්ට්ස්), ප්‍රමෝද් මධුවන්ත (සැරසන්ස්) සහ වනිඳු හසරංග (සී.සී.සී) ද ශතක වාර්තා කිරීමට සමත් වූහ.

එන්.සී.සී ක්‍රීඩා සමාජයේ ලසිත් ඇඹුල්දෙණිය කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වූයේ සැරසන්ස් පිලට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් දවා ගනිමිනි. ජාත්‍යන්තර තරග බිමට සමුදුන් විශිෂ්ට දඟ පන්දු යවන්නකු වූ රංගන හේරත් ද්‍රවිඩ සංගම් පිලෙන් යළිත් දේශීය තරග බිමට පිවිසියේ ලකුණු 71කට කඩුලු 5ක් බිඳ දමමිනි. තරිඳු රත්නායක (එස්.එස්.සී) සහ සාගර් පරේෂ් (හලාවත) ද කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වූහ.

එස්.එස්.සී කඩුලු 9කින් දිනයි

එස්.එස්.සී පළමු ඉනිම - 582/9 (ඕවර 141.5) කෞෂාල් සිල්වා 273, කවිඳු කුලසේකර 94, සඳුන් වීරක්කොඩි 52 (දුෂාන් විමුක්ති 146/4) සහ දෙවැනි ඉනිම - 77/1 (ඕවර 13.2) සඳුන් වීිරක්කොඩි නොදැවී 49

යුද හමුදා පළමු ඉනිම - 321 (ඕවර 86.5) දුෂාන් විමුක්ති 133 (තරිඳු රත්නායක 97/5, ධම්මික ප්‍රසාද් 72/3) සහ දෙවැනි ඉනිම - 335 (ඕවර 99.2) ලක්ෂිත මදුෂාන් 110, ඩිල්ෂාන් ද සොයිසා නොදැවී 85 (තරිඳු රත්නායක 108/4, අකාෂ් සේනාරත්න 44/3, සම්මු අශාන් 63/2)

සැරසන්ස් කඩුලු 6කින් ජයගනී

එන්.සී.සී පළමු ඉනිම - 253 (ඕවර 87.3) මහේල උඩවත්ත 101 (චාමිකර එදිරිසිංහ 82/4, මොහොමඩ් ඩිල්ෂාඩ් 25/2) සහ දෙවැනි ඉනිම - 427/9 (ඕවර 78) ළහිරු උදාර 127, සාරංග රාජගුරු 94, මහේල උඩවත්ත 78 (චාමිකර එදිරිසිංහ 103/4, ගමිඳු කනිෂ්ක 90/2)

සැරසන්ස් පළමු ඉනිම - 457 (ඕවර 142.3) ප්‍රමෝද් මධුවන්ත 116, ගමිඳු කනිෂ්ක 81, අශාන් බණ්ඩාර 78, නිපුන් කරුණානායක 55 (ලසිත් ඇඹුල්දෙණිය 96/6, ඩිලෙෂ් ගුණරත්න 83/2) සහ දෙවැනි ඉනිම - 224/4 (ඕවර 46) අශේන් බණ්ඩාර නොදැවී 94 (ලසිත් ඇඹුල්දෙණිය 66/3)

පළමු ඉනිමේ ජය හලාවතට

හලාවත මේරියන්ස් පළමු ඉනිමේ ජය හිමිකර ගත්තේ එන්.සී.සී. පිටියේදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිවය.

හලාවත පළමු ඉනිම - 560 (ඕවර 133) හර්ෂ කුරේ නොදැවී 162, ඕෂද ප්‍රනාන්දු 109, තික්ෂිල ද සිල්වා 79, යශෝද ලංකා 75 (සංගීත් කුරේ 105/4) සහ දෙවැනි ඉනිම - 423/5 (ඕවර 81.2) ඕෂද ප්‍රනාන්දු 234, රිසිත් උපමාල් 64, යශෝද ලංකා 55 (නලින් ප්‍රියදර්ශන 114/2)

කෝල්ට්ස් පළමු ඉනිම - 308 (ඕවර 88.2) ප්‍රියමාල් පෙරේරා 107, හෂාන් දුමිඳු 68 (සාගර් පරේෂ් 84/5, චතුරංග කුමාර 56/2) සහ දෙවැනි ඉනිම - 269/5 (ඕවර 52) සංගීත් කුරේ නොදැවී 121, ධනංජය ලක්ෂාන් 60 (සාගර් පරේෂ් 94/3)

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජය

සී.සී.සී පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත් වූයේ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදීය.

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 405 (ඕවර 127.5) තරංග පරණවිතාන නොදැවී 215, දමිත සිල්වා 72 (ළහිරු මදුෂංක 54/3, අශාන් ප්‍රියංජන් 49/2, වනිඳු හසරිංග 52/2) සහ දෙවැනි ඉනිම - 268 (ඕවර 84) රමිත් රඹුක්වැල්ල 63, යොහාන් මෙන්ඩිස් 61 (ළහිරු ගමගේ 61/3, ළහිරු මදුෂංක 62/3, මාලින්ද පුෂ්පකුමාර 64/3)

සී.සී.සී පළමු ඉනිම - 324 (ඕවර 89.2) වනිඳු හසරංග 106, මලිඳු මදුරංග 65, මාධව වර්ණපුර 54 (රංගන හේරත් 71/5, තිලංග උදේශන 59/2, සචිත්‍ර සේරසිංහ 43/2) සහ දෙවැනි ඉනිම - 196/6 (ඕවර 44) රොන් චන්ද්‍රගුප්ත 53 (දමිත සිල්වා 31/2, රංගන හේරත් 35/2)

පළඟ ශූරතා වටය

පළඟ ශූරතා වටයේ පැවැති තරග තුනම ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. එහිදී බදුරලිය පිල බී.ආර්.සී පිටියේදී මුවර්ස් පිලට එරෙහිවත්, මීගමුව පිල මුවර්ස් පිටියේදී වරාය අධිකාරියට එරෙහිවත් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කරගත් අතර මීගමුව කණ්ඩායම බ්ලූම්ෆීලඩ් පිටියේදී පළමු ඉනිම ජය ගත්තේ බී.ආර්.සී පිලට එරෙහිවය.

මේ තරගවලදී කැපී පෙනෙන පිතිකරු බවට පත්වීමට රාගම ක්‍රීඩා සමාජයේ සමීර ද සොයිසා සමත් වූයේ ලකුණු 215ක් රැස් කරමිනි. බදුරලිය ක්‍රීඩා සමාජයේ අලංකාර අසංකද ඉනිම දෙකෙදීම ශතක රැස් කිරීමද විශේෂත්වයක් විය. කෝසල කුලසේකර (බදුරලිය), ප්‍රසන්න ජයමාන්න (මීගමුව) සහ තිලකරත්න සම්පත් (බී.ආර්.සී) ද ශතක රැස් කළ අතර අමිල අපොන්සු (රාගම) සහ උපුල් ඉන්ද්‍රසිරි (මීගමුව) කඩුලු 6 බැගින් දවා ගනිමින්ද, සචිත් පතිරණ (බදුරලිය) කඩුලු 5ක් දවා දවා ගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බදුරලිය පළමු ඉනිම ජයගනී

බදුරලිය පළමු ඉනිම - 383 (ඕවර 107.2) අලංකාර අසංක නොදැවී 144, කෝසල කුලසේකර 102 (අනුක් ප්‍රනාන්දු 88/4, ශිරාන් ප්‍රනාන්දු 46/3, රුමේෂ් මෙන්ඩිස් 43/2) සහ දෙවැනි ඉනිම - 258/3 (ඕවර 80.4) අලංකාර අසංක 151, නදීර නාවල නොදැවී 72

මුවර්ස් පළමු ඉනිම - 259 (ඕවර 75.5) රුමේෂ් මෙන්ඩිස් 86, පබසර වඩුගේ 60 (සචිත් පතිරණ 116/5, නුවන් තුෂාර 37/2, බුද්ධික සංජීව 64/2)

මීගමුව පළමු ඉනිම ජයගනී

මීගමුව පළමු ඉනිම - 365 (ඕවර 102.1) ප්‍රසන්න ජයමාන්න නොදැවී 137, සහන් ආරච්චිගේ 69 (චානක කොමසාරු 75/4, හෂාන් විමර්ෂන 63/3, චමින්ද බණ්ඩාර 134/2) සහ දෙවැනි ඉනිම - 200/2 (ඕවර 39.2) අශේන් සිල්වා නොදැවී 60, ලසිත් කෘස්පුල්ලේ 59, ෂෙහාන් ජයසූරිය 56

වරාය පළමු ඉනිම - 280 (ඕවර 89.3) ප්‍රිමෝෂ් පෙරේරා 70, යොහාන් ද සිල්වා 51 (උපුල් ඉන්ද්‍රසිරි 68/6, ෂෙහාන් ජයසූරිය 79/4) සහ දෙවැනි ඉනිම - 120/2 (ඕවර 29) ප්‍රමෝෂ් පෙරේරා නොදැවී 58

රාගම පළමු ඉනිම ජයගනී

බී.ආර්.සී පළමු ඉනිම - 291 (ඕවර 65.5) තිලකරත්න සම්පත් 105 (කල්හාර සේනාරත්න 63/4, ජනිත් ලියනගේ 43/2, මොහොමඩ් අලි 45/2) සහ දෙවැනි ඉනිම - 230/8 (ඕවර 63.4) භානුක රාජපක්ෂ 84, සවින් ගුණසේකර 58 (අමිල අපෝන්සු 50/6)

රාගම පළමු ඉනිම - 430/9 (ඕවර 141.2) සමීර ද සොයිසා 215, දිනෙත් තිමෝද්‍ය නොදැවී 64, සමින්ද ප්‍රනාන්දු 56 (තිලකරත්න සම්පත් 104/4, දුවිඳු තිලකරත්න 60/3)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();