Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෙබළුන් 2500ක් එක්වන සැමරුම් පෙළපාළියක්

රුසියාවේ ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදාවෙන් මුදාගෙන 75 වසරක් ගතවීම සංකේතවත් කරමින් හමුදා භටයන් 2500කගේ සහභාගිත්වයෙන් සැමරුම් පෙළපාළියක් පවත්වනු ලැබීය. මේ පෙළපාළිය පවත්වා ඇත්තේ ශාන්ත පීටස්බර්ග් නගරයේදීය. වර්තමානයේදී ශාන්ත පීටස්බර්ග් නගරය යනුවෙන් හඳුන්වන රුසියාවේ ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදා විසින් වටලනු ලැබුවේ 1941 - 1944 කාල සීමා වේදීයි. ඒ කාලය අතරතුර බෝම්බ ප්‍රහාරවලින් සහ කුසගින්නෙන් දහස් සංඛ්‍යාත පිරිසකට දිවි අහිමි වූ අතර එය සිදුවීම දීර්ඝතම මෙන්ම දරුණුතම වටලෑමක් ලෙසද එරට ඉතිහාසයට එක් වී තිබේ.

දින 872ක අඳුරු කාලය නිමා කරමින් ලෙනින්ග්‍රාද් නගරය යළි අත්පත් කරගැනීමට රුසියානු හමුදා සමත්වුණේ 1944 ජනවාරි 27 වනදායි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();