Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාලකයන්ගේ නිදහස සමරන්නට ජනතාවගේ පොකැට් එකටත් විදී

නිදහස ලැබුනා මල්ලි, නිදහස ලැබුනා
තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා......

කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ......

මේ එදා පාලක පන්තිය දණින් වැටී සුදු පාලකයන්ගෙන් නිදහස ලබාගත් ආකාරය පිළිබඳව ලියවුණු විරිදුවකි. ඉන්දියාවේ ගාන්ධිලා, නේරුලා, භගත් සිංලා සටන් කොට, දිවිපුදා නිදහස ලබා ගනිද්දී අපිට ලැබුණේ 'එළිවෙනකොට අහසෙන් ගෙට වැටුණු' නිදහසකි.

එදා දණින් වැටී නිදහස ලබාගත් පාලකයන්ගේ වර්තමාන පරම්පාරව ද ඊට දෙවැනි නැත. තවමත් නිදහස ඔවුන්ගේය. දණින් වැටී ලබාගත් නිදහස ඔවුන් තවමත් නිදහසේ, අභිමානයෙන් සමරති. එහෙත් එදා සුද්දාගෙන් පීඩාවට පත් පාලිතයන් තවමත් කලු සුද්දන්ගේ යකඩ සපත්තුවට පෑගෙමින් දිනපතා පීඩාවට පත්වෙමින් සිටී.

අද සිදුවී ඇත්තේ පාලකයන්ගේ නිදහස සමරන්නට සාමාන්‍ය ජනතාවගේ තුට්ටු දෙකට ද තට්ටුවීමයි.

ලබන පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන, නිදහසේ 71 වැනි සැමරුම (31 වන සැමරුම නොවේ) සඳහා මේ දිනවල ලහිලහියේ කටයුතු සූදානම් කරමින් සිටී. නිදහස් සැමරුමේ අංග සඳහා එක්ව සිටින පාසල් සිසුන්ට පුහුණු කටයුතු සඳහා දින 7 ක් වෙන්කර ඇති අතර එම දින 07 තුළ පාසල් සිසුන්ට ආරක්ෂක අංශ මගින් නේවාසික පහසුකම් සලසා තිබේ.

නිදහස් උත්සවයේ සන්දර්ශන සඳහා සහභාගි වන පාසල්වල කැඩෙට් කණ්ඩායම් නියෝජනය කරන සිසුන්ට අද (28) විදුහල්පතිවරුන් විසින් විශේෂ ලැයිස්තුවක් ලබාදී ඇති අතර අද සවස් වනවිට එම ලැයිස්තුවේ ඇතුළත් ද්‍රව්‍ය සමග පැමිණෙන ලෙස දන්වා තිබේ.

එම ලැයිස්තුවට අනුව බැනියම් 05 ක්, මේස් කුට්ටම් 05 ක්, කැන්වස් සපත්තු යුගලක්, බූට් සපත්තු යුගලක්, බූට් සපත්තු සඳහා මේස් කුට්ටම් දෙකක් ඇතුළු ද්‍රව්‍ය රැගෙන ආ යුතුය.

අප වෙත අදහස් දැක්වූ පාසල් සිසුවකුගේ දෙමාපියන් ප්‍රකාශ කළේ මෙම ලැයිස්තුව සඳහා අවම රුපියල් 4000 ක පමණ මුදලක් වියදම් කිරීමට සිදුවන බවයි. මේ සඳහා මුදල් වෙන්කර තිබෙන්නේද, පසුව වැයවන මුදල් ලැැබෙන්නේද යන්න පිළිබඳව විදුහල්පතිරුන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව ද ඔවුන් පවසයි.

එමෙන්ම මෙතරම් හදිසියේ මෙවැනි මුදලක් වැය කිරීමට දෙමව්පියන්ට හැකියාව තිබෙන්නේද යන්න පිළිබඳව හෝ මෙවැනි උත්සව සංවිධානය කරන පුද්ගලයන් කල්පනා කළ යුතු බවත්, තම දරුවාට ලැබෙන අවස්ථාව පිළිබඳ සලකා ණය වී හෝ අදාල ලැයිස්තුවේ සඳහන් ද්‍රව්‍ය මිලදී ගැනීමට සිසුන්ගේ දෙමව්පියන්ට සිදුව ඇති බවත් අදාල සිසුවාගේ පියා අප වෙත ප්‍රකාශ කළේය.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාලකයන්ට පමණක් හිමිව ඇති නිදහස උන්ම සමරන, උන්ගේම උත්සවය වෙනුවෙන් අපේ තුට්ටු දෙකට කෙලවා ගැනීමට සිදුව ඇති බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි උත්සව සංවිධානය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය සියලු වියදම් වෙනුවෙන් මුදල් වෙන් කරයි. එසේ තිබියදී පාසල් සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්, එම සිසුන්ගේ දෙමව්පියන්ට බර පැටවීම අනුමත කළ නොහැකිය.

නිදහස් උත්සවය ද වර්තමානය වනවිට විගඩමක් සහ මුදල් කාබාසීනියා කරන සුදු අලියෙකු බවට පත්ව තිබේ. පසුගිය වසරේදී 'ලැප්ටොප් වන්නම' නමින් නවතම නර්තනාංගයක් හඳුන්වා දී ආණ්ඩුව හත්පොලේ ගාගත් අතර අවසානයේ එය හකුළා ගැනීමට සංවිධායකයන්ට සිදුවිය. මෙවර පාසල් සිසුන්ගේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් අසරණ දෙමව්පියන්ගේ මුදල් පසුම්බිය පික්පොකට් ගැසීමට කටයුතු කරමින් සිටී.

LNW

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();