Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරියේ ජනපති වන්නේ එජාප අපේක්ෂකයායි

ඇමැති මංගල සමරවීර

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුරයට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

පසුගිය ජනවාරි 08 වැනිදායින් පසුව ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැකි බවත් එසේ නොකළත් ඔක්තෝබර් මස අවසානය වන විට මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරණය කැඳවීමට හැකියාව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් කාර්යාලයේදී ඊයේ (27) පැවති හමුවකදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

1994 පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු පත්කිරීමේ සිහිනය සැබෑ විම අතළඟ බව කී මංගල සමරවීර මහතා එම සිහිනය සැබෑ කිරීමට හොඳ සංවිධානයකින් කටයුතු කළ යුතු බවද වසර 25කට පසුව එන මේ සිහිනය සැබෑ කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවද ‍අවධාරණය කළේය. ජනාධිපතිවරණයට මෙවර එක්සත් ජතික පක්ෂ අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා පක්ෂයක් හැටියට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මාතර දිස්ත්‍රික් සියලුම පළාත් පාලන ආයතනවල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සොයා බැලීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();