Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්ෂ 5ක උත්තේජන පෙති අල්ලයි

රුපියල් හාර ලක්ෂ අනුඅටදාස් නවසිය පනස් දෙකක් (4,98,952) වටිනා ලිංගික උත්තේජන පෙති ඇතුළු ඹෞෂධ තොගයක් මලයාසියාවේ සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයකු ගුවන් තොටුපළ රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි අයකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.

අදාළ පුද්ගලයා මලායාසියාවේ සිට පැමිණි යු.එල්.315 දරණ ගුවන් යානයෙන් පෙරේදා (23) සවස පහට පමණ මෙරට පැමිණ ග්‍රීන් චැනලය ඔස්සේ ගමන් කිරීමේදී ඹහුගේ හැසිරීම් රටාව පිළිබද සැකසිති කළ පරික්ෂාවකදී මෙම ලිංගික උත්තේජන පෙති තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත. සිද්ධිය පිළිබදව වැඩි දුර පරික්ෂණ පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පි. කුමාරසිරි මහතා අදාළ පුද්ගලයාට රුපියල් දහදාහක දඩමුදලක් ගෙවනලෙස නියම කොට ඇත.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රනවණ, රේගු අධ්‍යක්ෂ එම් .ඒ කරුණාරත්න,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ගන්කේවෙල, කේ.එච්.පී.කුමාරසිරි යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.

නිමල් රාජපක්ෂ-සුභාෂිණී සේනානායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();