Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වී මිලදී ගැනීමට මණ්ඩලයේ ගබඩා 220 ක් සූදානම්

මෙවර මහ කන්නය සඳහා වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩා 220ක් සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
 
මෙයට අමතරව පුද්ගලික අංශයේ ගබඩා 1500කට ආසන්න ප්‍රමාණයක් ද වී මිලදී ගැනීමේ කටයුතු සඳහා සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියයි.
 
 ඒ අනුව සම්බා වර්ගවල වී සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 41/-ක හා නාඩු වර්ගයේ වී සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 38/-ක සහතික මිලක් යටතේ වී මිල දී ගැනීමට නියමිතව ඇත. 
 
මෙම මිලදී ගැනීම් සඳහා පෞද්ගලික සමාගම් වෙත ඇපකර ණය රාජ්‍ය බැංකු මාර්ගයෙන් නිකුත් කර නියමිත මිලටවී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශය වෙත අධීක්ෂණ කමිටු පත්කරන බවද , එසේ නොකරන සමාගම් වෙත නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා  අවධාරණය කරයි.
 
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල්.මිලියන  6100ක මුදලක් වෙන් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();