Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘කුම්බ් මේලා‘ උත්සවයේ දී දහස් ගණනක් අතරමං වනබවට තොරතුරු

ලොව වැඩිම ජන රාශිය සිදු වන බවට සැළකෙන උතුරු ඉන්දියාවේ ‘කුම්බ් මේලා‘ උත්සවයේ සෙනග අතර දහස් ගණනක් අතරමං වන බව වාර්තා වේ. 
 
අතරමං වූවන් සොයා දීම සඳහා වෙනමම මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් ප්‍රදේශය පුරා ස්ථාපිත කර ඇත. දින 49 ක් පුරා පැවැත්වෙන කුම්බ් මේලා උත්සව මාලාව සඳහා මිලියන 110ක පිරිසක් සහභාගි වන බව විශ්වාස කෙරේ. 
 
මෙහිදී අතරමං වන වැඩි පිරිස වැඩිහිටියන් බව ද ඒ අතරිනුත් වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් බහුල බව ද සඳහන්ය. විවිධ දේශීය පුණ්‍යායතන විසින් පවත්වා ගෙන යන මධ්‍යස්ථාන මගින් ඔවුනොවුන් මුණ ගැස්වීමට කටයුතු කරන  අතර ඉන් එක් ආයතනයක් ප්‍රකාශ කළේ 1946 වසරේ සිට මේ දක්වා එවන් පවුල් මිලියන 1.5 කට වඩා ඔවුන් විසින් නැවත මුණ ගස්වා ඇති බවයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();