Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ඇමෙරිකන් නීතිය ලංකාවට – කිලෝ මීටර් 200ක් දිග ආර්ථික කලාපයක් – වැඩේට අරලියගහ මන්දිරයේ කාර්යාලයකුත් හදලා – විමල්ගෙන් හෙළිදරව්වක්

මිලේනියම් කෝපර්රේෂන් නම් ඇමරිකානු ආයතනයට තිරිකුණාමල වරාය සහ කොළඹ වරාය යා කරන විශේෂ ආර්ථික කලාපයක් සහ ඇමරකානු ගුවන් හමුදාවට සේවා සපයන කඳවුරක් නිර්මාණය කිරීමට අක්කර තිස් දහසක් ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ පසුගිය (27) වන දා ‘රටට මොකද වෙන්නේ?’ යන මැයෙන් හංවැල්ලේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ නව ව්‍යවස්ථාව ගෙන එන්නේ ද ඇමරිකාවට කොළඹ තිරිකුණාමලය යා කරන ආර්ථික කලාපයක් සඳහා අක්කර 30 000ක් ලබා දෙන්නේ ද සේනා දළඹුවා මර්දනය නොකර රටේ කෘෂිකර්මාන්තය අකර්මණ්‍ය කරන්නේ ද එකම ව්‍යාපෘතියක කොටස් ලෙස බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය පරාජය කිරීමට නම් මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතු කොට පුළුල් සන්ධානයක් නිර්මාණය කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();