Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වතු කම්කරු වැටුප් ප්‍රශ්නය උඩු දුවයි: මනෝ-දිගම්බරන් සමග මන්ත‍්‍රීන් 06ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීන්දු කරයි..

පෙබරවාරි 01 වැනිදාට පෙර වතු කම්කරු වැටුප් ගැටලුව නොවිසදෙන්නේ නම් තම සන්ධානය ඇමති ධුරවලින් ඉවත් වී ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරන බව නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරම් කියා සිටී.

කලින් වතු කම්කරුවනට ලබා දුන් 140 දීමනාව ලබා දිය යුතු බවත් එසේ නොවුවහොත් ආණ්ඩුවේ සිටීම ගැන තීරණයක් ගන්නා බවත් ඇමතිවරයා කියා සිටී.

ඔහු නියෝජනය කරව ද්‍රවිඩි ප්‍රගතිශීලී සන්ධානය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 06 දෙනෙක් සිටින අතර ඉන් 03 දෙනෙකු ඇමති ධුරද දරයි.

මේම තීරණය සම්බන්දයෙන් සන්ධානයේ නායක ඇමති මනෝ ගනේෂන්ද පවසන්නේ ආණ්ඩුවේ සිටීම ගැන තීරණයක් ගත යුතු බවත් කී ඇමතිවරයා අගමැති රනිල් වික‍්‍රමසිංහටද මේ සම්බන්දයෙන් දන්වා ඇතැයිද කියා සිටියේය.

විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන්නේ මන්ත‍්‍රී ධුර 106ක් පමණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();