Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රවිරාජ් ඝාතනයේ තීන්දුව බලරහිත කරන ලෙස පෙත්සම සළකාබැලීම අප්‍රේල් 04දා

නෙල්කා මැදගෙදර

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවෙහි විත්තිකාර නාවික හමුදා නිලධාරින් නිදොස්කොට නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචන පෙත්සම අප්‍රේල් මස 04 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (30) තීරණය කෙළේය.

දීපාලි විජේසුන්දර, අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම ඊයේ (30) කැඳවන ලදී.

එහිදී අධිකරණය මගහැර සිටි බව කියන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා නිලධාරි ප්‍රසාද් හෙට්ටිආරච්චි බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කෙළේය.

තමා මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් මේ සම්බන්ධයෙන් නීතිඥ සහාය ලබාගැනීමට මාස දෙකක කාලයක් අවශ්‍ය බව හෙතෙම අධිකරණය හමුවෙහි ප්‍රකාශ කළේය.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය පෙත්සම් විභාගය කල් තැබීමට තීරණය කෙළේය.

හිටපු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් හමුවෙහි විභාග කෙරිණි.

එහි තීන්දුව ඉකුත් 2017 දෙසැම්බර් මස 25 දින ප්‍රකාශ කරමින් විත්තිකාර නාවික හමුදා නිලධාරින් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලදී.

ජූරි සභාවක් හමුවෙහි මෙම නඩුව විභාග කිරීම නිසා තමාට විශාල අගතියක් සිදුවූ බව පවසමින් නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ජූරි සභාවක් ඉදිරියෙහි නඩුව විභාගයට ගැනීමට දුන් නියෝගය බල රහිත කර ජූරි සභාවක් රහිතව නැවත මෙම නඩුව විභාග කරන ලෙස නියම කරන්නැයි මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();