Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය ධීවරයින් 04ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් හා ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදීය.උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් මඟින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් පසු නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය. 
 
ජනවාරී මාසයේ සිට මෙවැනි නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 04 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();