Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විරුවන්ගේ දේහයන් පෙබ. 02වනදා දිවයිනට

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන් විජේකුමාර යන විරුවන් මේජර් සහ සැරයන් නිලවලට උසස් කර තිබේ.
 
ඔවුන්ගේ දේහයන් ලබන සෙනසුරාදා(02) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. එම දේහයන් හමුදා සම්ප්‍රදායානුකූල පෙළපාලියකින් ගෞරවාන්විතව බාරගැනීමට නියමිතය.
 
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වනු ඇත. එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද දේහයන් තැන්පත් කරන “දෙන“ එක්සත් ජාතීන්ගේ සාම සාධක මූලස්ථානයේ ආඥාපති ලුතිතන් ජනරාල් ඩෙනිස් ගිලිස්පොරේ ඇතුළු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් යුද හමුදාව වෙත බාරදීමට නියමිතය.
 
එහිදී ශ්‍රී ලංකා ජාතික ධජයෙන් දේහයන් සහිත “දෙන“ ආවරණය කිරීමෙන් පසු පශ්චාද් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මීගමුව රෝහල වෙත රැගෙන යන බව යුද හමුදා මූලස්ථානය පවසයි.
 
දිවි පිදූ රණවිරු දෙපළගේ අවමංගල්‍ය යුද හමුදා සම්ප්‍රදායානුකූලව ඔවුන් පදිංචි පොළොන්නරුව සහ පොල්පිතිගම ප්‍රදේශවලදී සිදු කිරීමට නියමිතය. 
 
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටියදී ඔවුන් රැගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් ඉලක්ක කර සිදුවූ අධිබලැති පිපිරවීමක් හේතුවෙන් ඉකුත් 25 වැනිදා මේ රණවිරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();