Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහේල-සංගා කුසලානය ත්‍රිත්ව විදුහල දිනා ගනී

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ පිටදඟ පන්දු යවන කවිෂ්ක සේනාධීර තරගය පුරා කඩුලු 11ක් බිඳ දැමීම හේතුවෙන් මහේල-සංගා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පළමුවරට පැවැති ක්‍රිකට් තරගයෙන් ලකුණු 47ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල් පිල සමත් විය.

කොළඹ කැම්බල් පිටියේ දී පෙරේදා නිමාවට පත්වූ මේ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 174 ඉලක්කයක් හඹා ගිය නාලන්දා විදුහල් පිල ලකුණු 127කට සීමා කළ කවිෂ්ක කඩුලු 6ක් දවාලීමට සමත්වූ අතර ඔහු නාලන්දා පළමු ඉනිමේදි ද කඩුලු 5ක් බිඳ දැමුවේය. කවිෂ්ක තරගයේ වීරයා මෙන්ම දක්ෂතම පන්දු යවන්නා ලෙසද සම්මාන ලැබීය.

ත්‍රිත්ව විදුහල පළමු ඉනිමට ලකුණු 165ක් රැස්කළ අතර නාලන්දා විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 136ක් පමණි.

මේ තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය ලෙස නාලන්දා දෙවැනි ඉනිමේදී ලක්ෂිත රසාංජන විසින් හතරේ පහර 4ක් සමගින් රැස්කළ ලකුණු 54 වාර්තා වූ අතර ඔහු තරගයේ දක්ෂතම පිතිකරු ලෙසද සම්මාන ලැබීය.

ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - 165 (ඕවර 48) පුබුදු බණ්ඩාර 35, අභිෂේක් ආනන්දකුමාර් 30, අග්බෝ අමරසිංහ 25, අවිෂ්ක සේනාධීර 25, කවිෂ්ක සේනාධීර 24 (කවීෂ මදුරප්පෙරුම 12/3, ලක්ෂිත රසාංජන 48/3) සහ දෙවැනි ඉනිම - 145 (ඕවර 53.3) චානුක කුමාරසිංහ 32, අග්බෝ අමරසිංහ 26, අභිෂේක් ආනන්දකුමාර් 21 (කවීෂ මදුරප්පෙරුම 39/4, ලක්ෂිත රසාංජන 71/4)

නාලන්දා පළමු ඉනිම -136 (ඕවර 56.4) දිල්හාර පොල්ගම්පොළ 32, රනිඳු ද සිල්වා 26 (කවිෂ්ක සේනාධීර 52/5, කවිඳු ඩයස් 13/3) සහ දෙවැනි ඉනිම -127 (ඕවර 32.3) ලක්ෂිත රසාංජන 54 (කවිෂ්ක සේනාධීර 31/6, අභිෂේක් ආනන්දකුමාර් 35/3)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();