සෞදි අරාබියේ සල්මාන් රජු විසින් සිදු කළ කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ දී විදේශ අමාත්‍ය අදෙල් අල්- ජුබෙයර් ගේ තනතුර පහත දමා තිබේ. ඒ අනුව විදේශ අමාත්‍යවරයා ලෙස ඉබ්‍රාහිම් අල්-අසාෆ් පත් කර ඇති අතර ඔහුට ලබා දී ඇත්තේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරයයි. මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයත් සමඟ මතුවූ තත්ත්වය මීට හේතු වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1949 දී උපත ලැබූ ඊබ‍්‍රහීම් අබ්දුල් සීස් අල් අස්සාෆ්, 1971 දී රියාද් හී සාවුද් සරසවියෙන් ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය. එසේම කලක් ඔමු සවුදි මුදල් අමාත්‍යවරයා ලෙසින් ද කටයුතු කළ අයෙකි. ඔහු සවුදි රාජ්‍ය ආයෝජන අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි.
0 Comments