Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති රවීගෙනුත් අමුතු කතාවක්.

ravee ka,raksha

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ මේ ගමන ඉදිරියට යා හැකි බවත්  ඔහුව දුරස්ථ කරන්නේ කළු බැටළුවන් කිහිප දෙනෙකු කරන ක්‍රියාවන් බවත් ,එම නිසාම ඔවුන්ව හැකි ඉක්මනින් පක්ෂය විසින් නිවැරදි කළ යුතු බවත් සමහර අවස්ථාවල ඇඟිල්ල කපා හෝ ශල්‍යකර්මය කිරීමට සිදුවන බව අමාත්‍ය රවී කරුණානායක  පවසයි.

පාලිත රංගේ බණ්ඩාරට අනිවාර්යයෙන්ම අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවත්  එය ලැබෙන බවත් අමාත්‍ය රවී කරුණානායක  පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාරට අමාත්‍ය ධුරයක් ලබාදීම සඳහා කටයුතු කෙරෙන බවත් එම ක්‍රියාදාමයෙහි යම් ගැටළුවක් මතු වී ඇති බවත් එය ඉතා ඉක්මනින් විසඳා ගන්නා බවත්ය.එසේම මෙවන් සිත් අමනාපකම් ඇතිවන සිද්ධි ගණනක් ම මතුව ඇති බව පවසන රවී කරුණානායක  එය විසඳීම සඳහා මාර්ගයක් ඇති බවත් කාල වකවානුවකට පෙර ඒවා විසඳා අවසන් කළ යුතු බවත් අවධාරණය කළේය.

එසේම තමන්ගේ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන්  අමාත්‍ය රවී කරුණානායක සදහන් කරන්නේ අගමැතිවරයා තමන්ට දෙන බවට පොරොන්දු වූ අමාත්‍යාංශය තමන්ට නොලැබුණු බවයි.

 

The post ඇමති රවීගෙනුත් අමුතු කතාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();